"උදව් නොකර කොහොමද! එයාට අර සන්ඩිද සැන්ඩිද කාමරේ මැද්දෙ ජිමින්ට වද දෙනකොට බලන් ඉන්න කියලද කියන්නෙ?"
ජන්කුක් තරහෙන් කෑ ගහපු නිසා යුන්ගී ජිමින්ව අනුගමනය කරමින් එලියට ගියා.
"අපිට මේක කාලා ඉවරයක් කරන්න පුලුවන්ද?"
රෝස් සුසුමක් හෙලමින් පුටුවක් වාඩි වෙනකොට ටේ පැත්තක තිබුණු බේකන් එකක් දිහා බලාගෙන කෙල ගිලින ගමන් ඇහුවා.
ජන්කුක් ගෙ ගිනි දැලුයි යුන්ගීගෙ වතුරයි වැදිලා රටා මවපු බේකන් එක කන්න ටේ ඒක හිත හදාගෙන ඇහුවෙ කොහොමද කියලා ජන්කුක් කල්පනා කරනකොට යුන්ගී ගිය පයින්ම ආපහු එනවා දැකලා ජන්කුක් පුදුම උනා."ඇයි ආපහු එන්නේ!" බේකන් එක පැත්තකින් තියලා ටේ පුදුමයෙන් ඇහුවා.
"ඉක්මනට එන්න"
යුන්ගී තරහ අමතක කරලා ජන්කුක් ව ඇදගෙන යනකොට ජන්කුක් ට නම් හිතුනේ යුන්ගී මිශ්‍ර වෙලා ඉන්නෙ මාලුවෙක් එක්ක නෙමේ අශ්වයෙක් එක්ක වෙන්න ඕනෙ කියලා!කරකියා ගන්න දෙයක් නැතිව ජන්කුක් තමන් මිශ්‍ර වෙනවනම් මිශ්‍ර වෙන්න තිබුණෙ පැස්බරෙක් එක්ක කියලා හිතන ගමන් යුන්ගී එක්ක දුවගෙන ගියා.
දුවන ගමන් පිටුපස්ස හැරුනු ජන්කුක් දැක්කෙ තමන්ට පිටුපසින් හති දදා දුවගෙන එන ජින් සහ ජින් ඉහලින් පියාසර කරන රෝස්. ටේ කොහෙද කියලා හොයන්න වටපිට බැලුව ජන්කුක් දැක්කෙ අන්තිමට හති දදා දුවගෙන එන ටේ.
ටේ නම් ආශිර්වාද ලද්දෙක් නෙවේ ගොලුබෙල්ලෙක් වගේ සෙවල තියෙන සතෙක් එක්ක මිශ්‍ර උන අමුතු තාලෙ සතෙක් කියලා ජන්කුක් මේ වෙනකොට තීරණය කරලා ඉවරයි.
සමහර විට මිශ්‍ර බබාලා ඉන්න වාට්ටුවක දී ටේව ආශිර්වාද ලද්දෙක් එක්ක පැටලෙන්න ඇති!
පැයට සැතපුම් සීයක විතර වේගයෙන් ආව ජන්කුක් ගෙ අත අත අරින්න යුන්ගී තීරණය කලේ ප්‍රධාන මූලස්ථානය ට ආවට පස්සෙ.
"මොකටද මෙහාට ඇදගෙන ආවෙ?"
තමන්ගෙ කකුල් දෙක ඉතිරි වීම ගැන සතුටින් වේගයෙන් දිවීමට හා කකුල් වලට අධිපති දෙවියන්ට නිහඬ යාඥාවක් කරන ගමන් ජන්කුක් යුන්ගී ගෙන් ඇහුවත් යුන්ගී තාම හති අරින නිසා එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා ජන්කුක් ට තේරුනා.
ESTÁS LEYENDO
The curse | TK ✓
Fantasíaඅවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?