09 කොටස

508 143 1
                                    

තමන්ගෙ හදවත වේගයෙන් ගැහෙනකොට දරා ගන්න බැරි වේදනාව නිසා දියවුන හදවත කඳුලු විදියට ජන්කුක් ගෙ ඇස් දෙකෙන් ඔහේ ගලාගෙන ගියා.

ඒත්.... කවුද මේ?

ඇයි මට දැනෙන්නෙ මගෙ ජීවිතෙන් බාගයක් නැති උනා වගේ.

කුරුල්ලො දෙන්නෙක් වෙනුවෙන් ඇයි මම අඬන්නෙ?

"කව්....ද්.. ..ද? කවුද මේ?"

ජන්කුක් වචන ගලපා ගත්තා.

"ඔයාගෙ දෙමාපියො" බේ කොඳුරනවා ජන්කුක්ට ඈතින් ඇහුනා.

"මගෙ දෙමව්පියො! විහිලු කරනවාද? ඔයාලට පිස්සු හැදිලා. මෙතන ඉන්න හැමෝටම පිස්සු!"

ජන්නුක් වියරුවෙන් කෑ ගැහුවෙත් බේ කියන දේ ඇත්ත කියලා තමන්ගෙ හදවත පිලි ගන්නකොට.

"මගෙ දෙමව්පියො මාව දාලා ගියේ පොඩි කාලෙ. ඇරත් එයාල මිනිස්සු. විකාර කියන්න එපා. මම ලීසා වත් අරගෙන යනවා මෙතනින්! තමුසෙලා බොරු කාරයෝ!! බොරු......"

එතනින් එහාට ජන්කුක්ට මොනවත් කියන්න බැරි උනේ එයාගෙ වචන බිඳිලා යනකොට. එහෙමම බිම දණ ගහගෙන කෑ ගහලා ඇඬුවා. එක් දවසක් වත් තමන්ව බලන්න ආ වෙ නැති තමන් හැමදාම වෛර කරපු අම්මා තාත්තා වෙනුවෙන් වේදනාව නැති වෙනකම්ම කෑ ගහලා ඇඬුවා.

"කොහොමද?"

අන්තිමට ජන්කුක් වචන ගලපා ගත්තා.

"ජන්කුක් ඔයාව ලැබුනම ඔයාගෙ අම්මට යි තාත්තාටයි ඔයාව එයාලා එක්ක තියාගෙන හදන්න උවමනා උනා. ඒත් ඊජිප්තු අනාවැකිය නිසා කිසිම ෆීනියාක්ස් කෙනෙක් ඒ අනාවැකිය සම්පූර්ණ වෙනකම් ජීවත් වෙන්න ඉඩතිබ්බෙ නෑ. පරම්පාරාව ගෙනියන්න ඉඩදෙනවා. ශිෂ්ටාචාරය අවදි කරන්න පැහැර ගෙන ගිහින් තර්ජනය කරනවා . මරලා දානවා. ඒත් ඔයාගෙ දෙමාපියො තීරණය කලා ඔයාව සාමාන්‍ය ළමයෙක් වගෙ ජීවත් කරවන්න. එයාලා මාව හමූවෙන්න ආවා. මෙච්චර කාලයකට අපෙ කඳවුරට ෆිනියාස් කෙනෙක් ඇවිල්ලා තිබුණෙ නැති උනාට අවුරුදු 18 පැනලා අර්ධ පක්ෂී ආත්මයක් ලබා ගත්තම ඔයාව බාර ගන්න මම තීරනය කලා. අවුරුදු දහ අටක් හැමදාම ඉර බැහැලා යනකොට ඔයාගෙ දෙමාපියො ඔයාව බලන්න එනවා. කඳවුරට ආවා කිව්වාම ඔයාව බලන්න දෙමාපියො එනවා කියලා මට පණිවුඩයක් එව්වා. මගදි මොකක් හරි සිද්ද වෙලා."

Flashback

අවුරුදු 5ක් වයස ලීසා, නම්ජුන් හා ජන්කුක් සෙල්ලම් කරමින් සිටී.

"නම්ජුන් ලීසා අර බලන්න" ඈත අහසෙ වේගයෙන් ඇදෙන රතු පාට ගිනිසිළුව දිහා බලාගෙන ජන්කුක් කෑ ගැහුවා.

"මොකක්ද?" මෙච්චර වෙලා ජන්කුක් ට පිටුපස හරවගෙන හිටපු නම්ජුන් ජන්කුක් දිහා පුදූමයෙන් බලන ගමන් ඇහුවා.

ආයෙ අහස දිහා බැලුව ජන්කුක් පුදුම උනේ හිස් අහස දැකලා. තමන්ගෙ යාලුවො දිහා බලන් පමාවට ඒ දේ අතුරුදහන් උනේ කොහොමද?"

Flashback end

එහෙනම් එයාලා හැමදාම මාත් එක්කම ඉඳලා.!

"එතනොට ලීසා"

"එයාව ඔයාගෙ දෙමාපියො පිටේ තියාගෙන වෙගයෙන් පියාගෙන කඳවුර දිහාවට ආවා. කදවුරෙ දොරටුව ගාවදී තුන්දෙනා ම වැටුන"

Time skip

කඳවූරෙ විශාල විලෝ ගහ යට තමන්ගෙ දෙමාපියන් ගෙ සිරුරු පිලුස්සන හැටි ජන්කුක් බලාගෙන හිටියා. මේ වෙනකොට ලීසා ට සිහිය තාම ඇවිත් තිබුණෙ නෑ.

"එහෙනම් එයාගෙ දෙමාපියො කුරුල්ලො?"

" අපෝ"

හැමෝම තමන් දිහා බලලා කොඳුරනවා.

සෙන්ඩි තමන් දිහා සමච්චලෙට හිනා වෙලා යනවා ජන්කුක් ඇස් කොනෙන් දැක්ක. මේ වෙනකොට ජන්කුක්ගෙ ඇස් හරියට පෙනුනෙත් නෑ. බොදවෙලා පටලයක් බැදිලා වගේ දැනුනෙ. අවූරුදූ 18ක් තමන් වෛර කලෙ මෙච්චර කැප කිරීමක් කල දෙමාපියන්ට!

"ජන්කුක් යමු" යුන්ගී කතා කලා.

"ගින්දර නිමුනම"

"ෆීනික්ස් ශරීර දවන ගින්දර ලේසියෙන් නිවෙන්නෙ නෑ"

ජන්කුක් අරමුණක් නැතිව ඔහේ බලාගෙන ඉන්න නිසා යුන්ගි පිටට තට්ටු කරලා එතනින් ගියා. අන්තිමට ඉතිරි අනෙකුත් ජන්කුක් විතරයි. පැයකට පස්සෙ මම හයියෙන් වහින්න ගන්නකොට ජන්කුක් හැගීමක් නැතිව තවම ඇවිලෙන ගිනි දැල් දිහා ඔහේ බලාගෙන හිටියා.

මොහොතකට පස්සෙ රෝස මල් සුවඳක් ආකාසෙ ගලාගෙන යනකොට ඒ සුවදෙ අයිති කාරයා ජන්කුක්ව තුරුල් කර ගත්ත. මෙච්චර වෙලා හිර කරගෙන හිටපු වේදනාව ජන්කුක් කෑ ගහලා පිට කලා , උගුර ලේ රහ වෙනකම් ආගන්තුකයාට හේත්තු වෙලා ඇඩුවා. තමන් ටිකක් සන්සුන් උනාම ඒ පුද්ගලයා තමන්ව හෙවණකට අරන් යනවා කියලා තේරුන නිසා ජන්කුක් අවනත උනා.





















Double update දෙන්න නම් අමාරුයි. සොරි!🤧.












The curse | TK ✓Donde viven las historias. Descúbrelo ahora