“ඕකව සින්සානාවට අරගෙන යන්න”
පූස් වෙස්මූණක් දාගත්ත ගාෆීල්ඩ් කෙල්ල එහෙම කියනකොට එතන හිටපු ආරක්ෂකයො ජන්කුක් ව නැගිට්ටුවා.
එක අතකින් මෙතන ගාෆීල්ඩ් විතරක් හිටපු එක ගැන ජන්කුක් හිත යටින් සතුටු උනේ, ගාෆීල්ඩ්ට මෙච්චර දෙයක් කරන්න පුලුවන් නම් ඕඩියි නර්මෝය් හිටියා නම් පිහාටු විතරක් කපලා නතර කරන එකක් නෑ කියලා.
“ජ...න්... ක්...”
ටේ තමන් දිහාවට අත දික් කරගෙන බිම දිගේ බඩගානවා ජන්කුක් ඇස් කොනකින් දැක්කා.
“ය...න්...න.... එ..ප්...”
ටේ කෙඳිරි ගානකොට ජන්කුක් ට වීරයෙක් වගේ කියන්න ඕනෙ උනේ තමන් ඉක්මනට එනවා කියලා. ඒත් මේ වෙනකොට ජන්කුක් ගෙ වීර කම බහින්න පුළුවන් උපරිම මට්ටමට බැහැලා සෘණ මට්ටමකට ඇවිල්ලා තිබුණෙ. හැමදාම ගණිතය වලටත් සෘණ ගානක් දෙන්න බැරිනම් පන්තියෙ ගනන් මිස් බිංදුවක් දෙන නිසා සෘණ ගනන් එන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි කියලයි ජන්කුක් ට මුලින්ම නම් හිතුනෙ. ඒත් ගණිතය පේපර් එකේ මාරාන්තික බවට වඩා මෙතන තියෙන මාරාන්තික බව වැඩි කියලා ජන්කුක්ගෙ මොලේට තේරුනා ම ජන්කුක් ටිකක් බය උනා.
අනික මේ අරාබි භාෂාවෙන් කියන එක නමක වත් තේරුමක් ජන්කුක් ට තේරුනේ නෑ. කොහොමත් ඉස්සර ඉඳලාම ජන්කුක් ගෙ භාෂා පරිවර්තක උනේ ලීසා. දැන් ලීසා ගාෆිල්ඩ් එක්ක එකතු වෙලා තමන්ව මරන්න ප්ලෑන් කරන නිසා ඒවා ඒ වචන පරිවර්තනය කරලා දෙන්නෙ නැති වෙයි කියලයි ජන්කුක් ට නම් හිතුනෙ. ඒක නිසා නිශ්ශබ්දව ඔය කියන තැන බලන්න ජන්කුක් තීරණය කලා.
ඇද ගෙන ගියපු ජන්කුක් ව විශාල කුටියක් ඇතුලට දැම්මා. ඒ තැන පෞරාණික රත්තරං වලින් දිලිසෙනවා. ආලෝකය පරාවර්තනය වෙලා හැම තැනම එලියයි.
ජන්කුක්ට පුංචි කාලෙ ඉඳන් පිරමීඩ ඇතුල බලන්න ඕනෙ උනත් කවදාවත් මේ විදියට හිරකාරයෙක් වගේ බලන්න නම් හිතුවෙ නෑ.
ඒ උනත් “මං ලබා උපන් විදියයි මේ” කියලා ජන්කුක් පාරාවෝ ගොඩනැගිල්ලෙ ලස්සන උපරිමයටම වින්දා.
“උඹ දුක් විඳපන්. ඇති වෙන්න දුක් විඳලා සූදානම් උනාම කියපන්”
ESTÁS LEYENDO
The curse | TK ✓
Fantasíaඅවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?