“සැන්ඩි? මම හිතුවේ එයා අපේ පැත්තෙ කියලා”
ටේ ජන්කුක් ට විතරක් ඇහෙන්න කෙඳිරුවත් ඒක මුලු පලාතටම ඇහුනා. ජන්කුක් ට නම් ඒ අවස්ථාවේ දී ටේ ගිය ආත්මෙ ඝණ්ටාර පූජා කරලා ඇතී කියලා හොදටම ස්ථීර උනා
“ඕක දීපන්”
කොහෙද ඉන්නේ හෙංචයියෝ ටිකක් පිරිවරාගෙන ආපු සෙන්ඩි ආත්මය ආරක්ෂා කරන්න කියලා ඒක අතට ගත්ත යුන්ගීට කඩුව දික් කලා“සෙන්ඩි මොකද මේ????”
ජෙනී යුන්ගීව තල්ලු කරලා සෙන්ඩි ඉස්සරහට ගියා.“ඇයි මෙහෙම කරන්නෙ?”
“පැත්තකට වෙනවා ජෙනී මට තමුසෙට රිද්දන්න ඕනි නෑ”
“ඇයි මෙහෙම කරන්නෙ. ඔය කඩුව පැත්තකට දාන්න.”
ජෙනී අඬන ගමන් කෑ ගහනකොට ජන්කුක් පුදුම උනත් ජෙනී එක්ක එකඟ උනා.“හහ්... මම එනාස් එස්ටෝරියෝ කෙනෙක්”
“මොකෙක්?”
ජන්කුක් හැමෝම පුදුම යෙන් හූල්ලන කොට තමන්ට හූල්ලන්න බැරි එක ගැන නොසතුටින් ඇහුවා.“එනාස් කෙනෙක් මම ෆීනියාස්. පිටුවහලෙක්. පෞරාණික ග්‍රීසියෙහි කැරලි කාර පරම්පරාවකට සම්බන්ද උනා. දෙවිවරුන් ට, මිත්‍යාවට විරුද්ධ ව නැගී සිටින........”
“මොකක් ද මිත්‍යාව?”
සෙන්ඩි දුෂ්ටායා විදියට කියාගෙන යනකොට ටේ මැද්දෙන් පැනලා බාධා කරනකොට ජන්කුක්ට ටිකක් තරහා ගියත් ආයෙ කටවහගෙන හිටියා“හහ්.... මිත්‍යාව....”
සෙන්ඩි කෙටි උත්තරයක් දීලා යුන්ගී පැත්තට ආයෙ කඩුව දික් කරනකොට ජන්කුක් ට හිතුනෙ සෙන්ඩිත් ටේ ගෙ ප්‍රශ්ණෙට උත්තර දන්නෙ නැතිව ඇතී කියලා. සමහර විට ඉස්සර ඉඳන් කැරලි ගහනකොට කියන වාක්‍යය ක් සෙන්ඩිත් කියන්න ඇති. ඒත් මේ වෙනකම් කවුරුත් ඒක ගැන ප්‍රශ්න කරලා නැතිව ඇති. ජන්කුක් ට තමන්ගෙ පෙම්වතා ගැන ඇති උනේ ආඩම්බරයක්!“යුන්ගී මෙහෙ දෙනවා....”
සෙන්ඩි අසිපතත් අරගෙන ඉස්සර හට යනකොට ජෙනී යුන්ගී ඉස්සරහ හිට ගත්තා.“නෑ. සෙන්ඩි. මම දෙන්නෙ නෑ”
“මැරෙන්න ඔච්චර ආසද ජෙනී?”
“ඔයා මට ආදරය කරනවා කිව්වා සෙන්ඩි? ඇයි මේ??? ඇයි මෙහෙම කරන්නෙ?”
YOU ARE READING
The curse | TK ✓
Fantasyඅවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?