“ලීසා කොහොමද?”
ටේ අහනකොට බේ හිනා උනා.“මතකද ජන්කුක් දවස් තුනක් සිහි නැතිවෙලා හිටියා. ලීසා මාත් එක්ක කතා කරන්න ආවා එදා.මම ලීසා දැක්ක දවසෙම මට එයාගෙ බලය දැනුනා. එයා හොඳටම කලබල වෙලා හිටියෙ. එයාගෙ අතින් ලෝහ වර්ග එහෙ මෙහෙ වෙනකොට මට තේරුණා ලීසා කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක් නෙවෙයි කියලා”
“එතකොට එයා මිශ්‍ර වෙලා තියෙන්නෙ?”
රෝස් ලීසා ගෙ මූණ දිහා බලමින් පුදුමෙන් ඇහුවා.“හොයන්න අමාරුයි. හේඩිස් කියන්නෙ මරණයට විතරක් නෙවෙයි. ධනයට අධිපති දෙවියො. සමහර විට හේඩිස්ගෙ පරම්පරාවත් එක්ක සම්බන්ධයක් ඇති. හරියටම කියන්න බෑ.
ඒ හින්දා තමා ඔයාලා එයාව එක්කගෙන යන්නෙ. ගමන අතරතුරදී එයා එයාගෙ බලයන් හඳුනා ගනී”බේගෙ කතාව නිශ්ශබ්දව අහගෙන හිටපු ජන්කුක් හිස සැලුවා.
“වෙන කාවද අරගෙන යන්නෙ?” ජින් බලාපොරොත්තු සහගතව ඇහුවා.
“කඳවුරේ මට වැඩියෙන්ම විශ්වාස ඔයාලාව. ජින්, රෝස්, ටේ ඒවගේම ජිමින්. අපි කට්ටියට මේක ඉවර කරන්න පුළුවන්.” ජන්කුක් කියනකොට යුන්ගී දාපු කපටි හිනාව ජන්කුක් නොදැක්කම නෙමේ.
ගවේෂණය පිටින් දාලා ජිමින් එක්ක ඩේට් එකක් යන්න!!
ෆෝචුනා මංගල්‍යය වෙනුවෙන් පවත්වන ගිනිමැල සාදයට හැමෝම එකතු වෙලා හිටියා. පැත්තක තිබුනෙ විශාල කූඩාරමක්. ගිනිමැල සාදය තිබුණෙ මේ කූඩාරම ඇතුළෙ. යුන්ගී නම් කිව්වෙ මේ තැනට කියන්නෙ ෆෝර්ටියා ස්කිනී (ගිනි කූඩාරම) කියල කියලා.
වහා ගිනි ඇවිලෙන සුලු කූඩාරම දකිනකොට ජන්කුක් නම් තීරණය කලේ ජිමින්ට බම්බු ගහ ගන්න කියලා යුන්ගී ගාවින්ම ඉන්න ඕනෙ කියලා.
හදිස්සියකට වතුර ගහ ගන්න හරි පුලුවන් යුන්ගිට විතරනෙ!
“මෙතන ලස්සන බලනවකෝ”
ටේ මහ හයියෙන් කෑ ගහගෙන ඇතුලට දුවනකොට අනිත් අය එයාව අනුගමනය කළා.මැද තිබුණු විශාල ගිනි මැලය රාත්‍රිය කොතරම් ශීතල උනත් ජන්කුක් ව උණුසුම් කලා.
ESTÁS LEYENDO
The curse | TK ✓
Fantasíaඅවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?