“තමුසෙ. තමු...සෙ... මහ එපා කරපු ...... සුරදූතයෙක්”
තමන් එක්කම හිනා වෙන ගමන් ජන්කුක් වියරුවෙන් කෑ ගැහුවා.“ මොකක් ද මම තමුසෙට කරපු වැරැද්ද???”
ඔලුව උස්සලා බලපු ජන්කුක් දැක්කෙ ටේ තමන් දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස් වලින් කඳුලු ගලනවා.“ආදරය කරන එක වැරද්දක් ද ජන්කුක්. මම මගෙ උවමනාවකට නෙමේ ආදරේ කරන්නෙ. මට කරන්න දෙ...දෙ..යක් නෑ. මම හි..තලා නෙමේ........”
ටේගෙ වචන පැටලෙනකොට ටේ එතනම දණ ගහගෙන අඬන්න පටන් ගත්ත හැටි ජන්කුක් කිසිම හැඟීමක් නැතිව බලාගෙන හිටියා.
එයාව නැගිට්ට වන්න ජන්කුක්.
ජන්කුක් ගෙ හදවත කෑ ගහනකොට හදවතට ඇති වෙන්න කෑ ගහගන්න කියලා ජන්කුක් ඔහේ හිටගෙන හිටියා.
“මට රිදෙනවා. මට ගොඩක් රිදෙනවා. ටේහ්‍යුන්ග් තමුසෙ මාව රිද්දනවා. තමුසෙ මාව පණ පිටින් මරලා දානවා.”
“ජ....න්...කූක් අත....? අතින් ලේ එනවා....”
ටේ බිම දිගේ දණ ගාගෙන ම ඇවිත් ජන්කුක් ගෙ අත අල්ලා ගත්තා.“මො...ක්...ක..ද..... මොකද උනේ?”
“තමුසෙට වැඩක්.......”
ජන්කුක් කියන්න ගිය එක නතර කලේ ටේගෙ ඇස්දෙක තිරිවානා ගලට යොමු වෙනකොට.
හිමීට එතනට ගියපු ටේ තිරිවානා ගල අත ගෑවා.අඩ අඳුරේ උනත් යුන්ගී නරි එනවාට බයේ පත්තු කරපු පන්දම් වල එලියෙන් ටේ තිරිවානා ගලේ ලියලා තිබුන ආදරේ කියවන්න ගත්තා.
“මොකද මේකට මෙහෙම කලේ. දන්නවද මේ ගල් කොච්චර වටිනවාද කියලා”
ජන්කුක් ගෙ ඇස් දෙක ලොකු වෙනකොට ටේ ඇහුවා.“මේකක් විකිණුවොත් ආත්ම හතක් බඩ පිරෙන්න කන්න පුලුවන්”
ටේ කියනකොට ජන්කුක් තවත් පුදුම උනා. ජන්කුක් බලාපොරොත්තු උනේ ටේ තමන්ගෙ ආදරය දැකලා ගල බදාගෙනම තව තවත් අඬයි කියලා.“අත..... ට බේත් දා ගන්න. මට අකමැති නම්..... ඔයා...විඳවන්න එපා....මට.... තනියම.... විඳවන්න.... පුලුවන්.... ඔය.... ආ... කරදර ..... වෙන්න ...... එපා......”
ටේ එතනින් නැගිටලා යනකොට ජන්කුක් ගලට එබුනා.
JE LEEST
The curse | TK ✓
Fantasyඅවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?