එක පාරට ම අනාවැකියක් නියම වෙච්චර කුරුල්ලෙක් නිසා හැමෝම ඉස්සරහ නිර්භීතව හිටියාට ජන්කුක් ගෙ හිත නම් බයෙන් පිරිලා.
ආයේ එන්න පුලුවන් වෙයිද?
තමන් මේ කට්ටියට මෙහෙවන්නෙ සිය දිවි නසා ගැනීමකට ද?
යුන්ගී ජිමින් ටේ රෝස් ලීසා ජින් හැමෝම!
යුන්ගී ජිමින් ආදරේ කරන්න පටන් ගත්තා විතරයි.
එයාලා කොච්චර දේවල් ප්ලෑන් කරලා ඇද්ද.
එතකොට ටේ රෝස් ඉතිරිවෙලා ඉන්න අන්තිම සුරදූතයෝ දෙන්නා. තමනුත් විනාශ කරගෙන තමන්ගේ යාලුවෝ ආදරේ විනාශ කරන ගමනක් ද මේ යන්නෙ?Flash back
"බේ ඔයා හිතන්නෙ මට පුලුවන් කියලාද?"
ෆෝචූනා මංගල්‍යය ඉවර උනාට පස්සෙ ජන්කුක් කෙලින්ම ගියේ බේව හම්බවෙන්න. ගමන ගැන කතා කරන්න.
"බෑ කියලා දෙයක් නෑ"
බේ කියනකොට ජන්කුක්ට ටිකක් තරහ ගියා. කොහොමත් බේ තමන් ඇහුවෙ හෙට වහීද කියලා වගේ දෙන උත්තර වලට ජන්කුක්ගෙ ඒ හැටි කැමැත්තක් තිබුණෙ නෑ. ඒ වගේම බෑ කියලා දෙයක් නෑ කියන වාක්‍යය ජන්කුක්ට පොඩි කාලෙ ඉඳන් පේන්න බෑ. බෑ කියලා දෙයක් නැත්තෙ කොහොමද?එහෙනම් මිනිසුන්ට වතුර යට හුස්ම ගන්න පුලුවන් වෙන්න එපායෑ.
යුන්ගීට පුලුවන් උනාට වෙන වතුර යට හුස්ම ගන්න කෙනෙක් ජන්කුක් දැනගෙන හිටියෙ නෑ
."මම.... ම..මම සූදානම් නෑ" ජන්කුක් නැවත කිව්වා.
"අපි කවදාවත් සූදානම් නෑ කිසිම දෙයකට. අම්මාගෙ බඩේ ඉඳලා බිහි වෙනකොට ඔයා අම්මා සූදානම් නෑ කියලා හිතුවා නම් අද ඔයා මෙතන හිටගෙන ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්නෙ නෑ. ඔයා ඒ දේ කරන්න. ඔයාට දැනෙයි ඔයා සූදානම් කියලා"
බේ කියනකොට ජන්කුක්ට හිතුනෙ බේ මේදේ දහසක් වීරයන්ට කියලා ඇති කියලා. ඒත් තමන් බිහි උනේ බිත්තරයකින් නිසා ඒක තමන්ට නම් එච්චර ගැලපෙන්නෙ නෑ කියලා ජන්කුක් නිහඬව සිතුවා
."ඔයා සූදානම් ජන්කුක්. හැම තිස්සෙම සූදානම්!"
මේ දිරිය වඩන කතාවෙන් කිසිම දිරියක් නොලද ජන්කුක් හිමීට එලියට ආවෙ ඇස් දෙක රතු පාටින් දිලිසෙන කොට.
YOU ARE READING
The curse | TK ✓
Fantasyඅවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?