18 කොටස

475 128 0
                                    


"

නැගිටින්න. ඕයි ජන්කුක්!"

මහ හයියෙන් ඇහුනු අස්ප ඝර්ජනාවක් නිසා ජන්කුක් ට ඇහැරුනා.

ඇස් ඇරලා බලපු ජන්කුක් දැක්කෙ තමන්ගෙ මූණට නැවිලා ඉන්න හොබී.

"හොබී?"

"මෙතන ඇයි නිදා ගන්නෙ පි....."

හොබී කිය කිය හිටපු දේ එකපාරටම නතර කලා.

"අතට මොකද උනේ. මෙතන යුද්ධයක් වත් උනාද?"

තමන්ගෙ අත දිහා බලපු ජන්කුක් දැක්කෙ ලේ කැටි ගැහිලා දම් පාට වෙලා තිබ්බ අත.

"නෑ. මේ මම මේ..... අත උඩ නිදාගෙන....."

"ඇයි? තමුසෙ බූවල්ලෙක්ද ?"

"ඇයි?"
ජන්කුක් බූවල්ලයි අතේ තුවාලයි අතර තියෙන සම්බන්දෙ ගැන හිතන ගමන් ඇහුවා.

"ඇයි. ඇඟේ කටු තියෙනවා ද අතේ ඇනෙන්න?"

හොබී මත්ස්‍ය විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරලා ඇතී කියලයි මුලින්ම ජන්කුක්ට හිතුනේ. ඒත් ජන්කුක් දන්න විදියට නම් බූවල්ලන්ගෙ ඇඟේ කටු තිබුණෙ නැහැ කියලා ටික වෙලාවකින් ජන්කුක්ට කල්පනා උනා.
ඒත් බූවල්ලගෙ ඇඟේ කටු වලට වඩා අත තුවාල උන හැටි ගැන හොබී අහයි කියලා හිතුන නිසා ජන්කුක් හිමීට එතනින් ලිස්සලා ගියා.

ටික වෙලාවකින් ජන්කුක්ට දැනුනා හොබීත් තමාව අනුගමනය කරන බව.

"ආ කුකී. කොහෙද ගියේ?" ලීසා හිනා වෙලා ඇහුවා.

"ලීසා. රෑට කාපුවා සදහටම බඩේ තියා ගන්න බෑනෙ"
ටේ හිනා වෙවී කියනකොට ජන්කුක්ට නම් හිතුනෙ ටේ ට පිස්සු කියලා. ලීසා අහපු දේත් එක්ක ඒක ගැලපෙන්නෙ කොහොමද?

"එහෙමයි කියලා. ස්වාභාවික ජල පද්ධති විනාශ කරන්න හොඳද?"
ජින් එහෙම කියලා හිනා වෙනකොට ජන්කුක් මේ මාතෘකාව තේරුම් ගන්න උත්සාහ කරන එක නවත්වලා දැම්මා.

"ජන්කුක්, ඉක්මනට ඇඟ හෝදන් එනවා. නැව අලුත්වැඩියා කලා. යන්න ඕනෙ"

යුන්ගී කිව්වෙ එහා පැත්තෙ තිබුණු උල්පත් ජලයෙන් හැදුන වතුර වල පෙන්වන ගමන්.




















The curse | TK ✓Where stories live. Discover now