“මම පරක්කුයි ද?”
ජන්කුක් එහෙම අහන ගමන් ජින් ගේ කරේ අත දාගත්තා.
“ඔව්. ඔව්. කුරුල්ලෙක් වෙලත් උදෙන්ම නැගිටින්න බෑනෙ මේකට”
ටේ එහෙම කියනකොට ජන්කුක් නිරුත්තර උනේ ටේ තමන් ගැනම ආඩම්බර උන එයාගෙ තර්කෙ නිසා නම් නෙවෙයි. තමන්ට ආදරෙයි කියපු මේ මනුස්සයාගෙ . නෑ. ආශිර්වාද ලද්දාගෙ මූණ බලද්දිත් තමන්ගෙ හදවත නැටුමක් නටද්දී මේකා ගානක් නැතිව ඉන්නවා දකිනකොට.
“කෝ අර පෙම් යුවල” ලීසා හිනා වෙවී ජින් ගෙන් ඇහුවා.
“ආ අර එන්නෙ කියනකොටම” ජින් ඒ එක්කම එකට ඇලිලා වගේ එන යුන්ගීවයි ජිමින් වයි පෙන්වන ගමන් කිව්වා.
“මුන් දෙන්නගෙ කෝලම්.” බලාගෙන ඉඳලා බැරිම තැන ජින් කෙඳිරුවා.
“කොහොමද කට්ටිය”
ජිමින් සූරියකාන්ත මල වගෙ හිනා වෙලා කිව්වත් ඇස් දෙකෙන් නිදිමත වැක්කෙරෙනවා.යුන්ගී නම් හිටගෙනම නිදි.
මේ දෙන්නා එක්ක සටනකට ගියොත් තමන්ටත් වෙන්නෙ අකාලෙ මැරෙන්න කියලා කල්පනා කර කර හිටපු ජන්කුක් කල්පනා වෙන් මිදුනෙ යුන්ගීගෙ තුරුලෙම හිටපු ජිමින්ව ටේ තමන් ලගට අද ගත්ත නිසා.
ඒක දොකපු ජන්කුක්ට හිතුනෙ ඊයෙ බේ සටනට යද්දි අරන් යන්න කියලා දුන්න කඩුවක් අරගෙන ජිමින්ට කොටලා මරන්න.
ජිමින්ට කොටලා යුන්ගි ගෙන් බේරෙන හැටි කල්පනා කරන ගමන් යුන්ගි දිහා බලපුවාම ජන්කුක් ට තේරුනෙ ජිමින් තමන්ගෙ අතින් මැරුම් කන්න කලින් ටේ යුන්ගී ගේ අතින් මැරුම් කන්න ළගයි කියලා.
දැනට ඉතිරි වෙලා ඉන්නෙත් ආශිර්වාද ලද්දො දෙන්නෙක් විතරක් නිසාත් තව ටිකකින් එක්කෙනෙක් වෙන්න ආසන්න නිසාත් ජන්කුක් ටේට අනතුරු අඟවන්න කට අරින්න හදනකොටම ටේ කෑ ගහන්න ගත්තා.
“යුන්ගී, තමුසෙ මිශ්‍ර වෙලා තියෙන්නෙ මාලුවෙක් එක්ක කියලා ෂුවර්ද?”
“ඇයි?” මෙච්චර වෙලා ටේව මරන්න ප්ලෑන් කරපු යුන්ගී පුදුමෙන් ඇහුවා.
“බලපන් මේ කොල්ලා ගෙ බෙල්ලෙ හැම තැනම උඹ හපපු පාරවල්. උඹ නම් සිංහයෙක් එක්ක මිශ්‍ර උන වල් මාලුවෙක්”
YOU ARE READING
The curse | TK ✓
Fantasyඅවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?