11 කොටස

466 141 8
                                    

"හැමෝම හොඳටම කරන්න. දිනලම එන්න ඈ!"

ලීසා හැමෝටම සුභ පැතුවා.

"ඔයාලා අත්දැකීම් බහුල අයනෙ. කියන්නකො සෙල්ලම ගැන පොඩ්ඩක්."

නිධානය සෙවීමේ තරඟය ගැන තව දුරටත් දැන ගන්න ආසා නිසා ජන්කුක් විස්තර ඇහුවා.

"හොඳ ආරංචියයි. නරක ආරංචියයි! මොකක්ද මුලින්ම ඕනෙ!"
රෝස් බැරූරුම් විදියට අහනකොට ජන්කුක්ටත් බය හිතුනා.

"හොඳ ආරංචිය?"

"මේ තරඟෙන් අපි දිනුවොත් අපේ යුන්ගි HJ වෙනවා. අපේ කෑම්ප් එකේ"

(HJ යනු අර්ධ ආත්ම වල නායකයා. එය කෑම්ප් එකේ පැරණිම පුද්ගලයන් අතරින් තෝරන තනතුරක් වෙයි. උපරිම සේවා කාලය වසර පහකි.)

"එතකොට නරක ආරංචි ය?"

"ම්... අපි පැරදුණොත් සෙන්ඩි තමා මෙහෙ HJ."

"ඒ කියන්නෙ, අපි ඉවරයි" යුන්ගී සරලව කිව්වා.

"හරි. එහෙනම් දැන් යමු!" ජින් පෙරමුණ ගත්තා.

"ටිකක් ඉන්න. මේ තරඟෙදී කවුරු හරි මැරිලා තියෙනවා ද?" ජන්කුක් ඇහුවෙ තමන්ගෙ බඩ දඟලනවා වගේ දැනුන නිසා

උදේට මෙච්චර කෑවෙ අපරාදෙ!

තරඟය ආරම්භ කරන තැනට ගියාම ජන්කුක්ගෙ බය දෙගුණ තෙගුණ වෙනවා වගේ දැනුනා.

"බය වෙලාද දැන්මම" ටේ ජන්කුක් ගෙ කනට කෙඳිරුවා.

"පිස්සුද නෑ." ජන්කුක් ඉක්මනට බොරුවක් ගලපා ගත්තා.

කඳවුරේ හිටපු බොහෝ දෙනාගෙ ඔල්වරසන් මැද්දෙ සෙන්ඩි, ජෙනී සහ තව පස්දෙනෙක් ඇවිත් මූණට මූණ බලාගෙන හිට ගත්තා.

"ආව්. මරු කණ්ඩායමක් නේ ඔයා තෝරා ගත්තෙ යුන්ගී" සෙන්ඩි යුන්ගී දිහා බලලා හිනා වෙන ගමන් කිව්වා.

"කුරුලු පැටියෙකු යි, මල් පැල දෙකකුයි, ගහකුයි, නිකමෙකුයි. මරු කණ්ඩායම"

"කට වහපන්" යුන්ගී සංසුන්ව කිව්වා.

"මල් පැල?" ටේ පුපුරා හැලුනා.

"මුන්ව ගස් යවන්න එපායෑ" ජින් කොඳුරන කොට ජිමින් කිසිම කතාවක් නැතිව ඉස්සරහ බලාගෙන හිටියා.

The curse | TK ✓Where stories live. Discover now