🌹සේරි
🦋 රූහි
🍂 යොන්ජුන්
🌿 යුන්හි
🐥 ජිමින්
🦄 හෝසියෝක්
🐧 ජේක්
🐹 ජින්
🐨 නම්ජුන්
🐯 ටේ
🐰 ජන්කුක් / JK
✒️ ප්රින්සිපල් සර්අමතක උනොත් කියලා දැම්මේ 😁😁😁
..............................................................................................
රූහි සිහිය නැති වෙලා තිබ්බේ හුගක් අඩපු නිසායි.. එකපාරටම ඒ චූටි හිතට දැනුන පීඩනය නිසයි.. ජිමින් රූහිව අරන් ආපු ගමන් සේරි එතනට දුවන් ඇවිල්ලා චෙක් කරා..සේරි,ජිමින් දෙන්නා රූහිගේ ලගින් හෙල්ලුනේවත් නෑ කෙල්ලට සිහිය එනකම්.. කෙල්ලට වැඩි වෙලා යන්නේ නැතුව සිහිය ආවා.. ඊට පස්සේ රූහිට බෙහෙත් වලට නින්ද ගියේ..
ඒත් මෙතනින් ජිමින් අයින් වෙන්නෙ නැති නිසා ජින් යූන්ගිට විස්තරේ කියලා ආයි ඉස්කෝලෙට ආවේ හෝසියෝක්ව එක්කන් යන්න..මොකද එයා හොදටම දැක්කා හොබිගේ ඇස්වලින් කදුලු බේරෙනවා..
යූන්ගි ඇවිල්ලා එයා එතන ඉන්නම් කියපු නිසයි ජිමින් කාලා රූහිටත් කෑම අරන් එන්න කියලා ගියේ..සේරිත් පේශන් කෙනෙක් ආවම එයාව බලලා ආයි අනිත් පැත්තට රූහිව බලන්න දුවන් ආවා..ඒ එනකොට තමා හෝසියෝක් දරුවා ලග ඉදන් අඩන ඒවා ඇහුනේ..ජිමින් රූහිට කන්න දෙයකුත් අරන් එනකොට දැක්කෙ හෝසියෝක්ට තුරුල් වෙලා රූහි ඇදේ නිදන් ඉන්න විදිය...ඒක දැක්ක ගමන් ජිමින්ට අවුරුදු ගානක අතීතේ මතක් උනා.
ජිමින් ඉස්සර හරියට අසනීප වෙනවා..ඒ අසනීප උන දවසට හොබි රෑ නිදි මරාගෙන ජිමින් ලගින් ඉන්නවා..හොබි හිමීට ඉකි ගහන සද්දේ...
" අනේ මගේ සුද්දෝ ඉක්මනට සනීප වෙන්න..මට ඔයා විතරයි ඉන්නේ..."
කියලා කියන සද්දේ ජිමින්ට හරියට ඇහෙනවා.
හොබි එයාව තුරුල් කරන් සීතලේම එලියට බැස්ස හැටි..
" හොබි හ්යුන්ග් සීතලයි "
කිව්වාම එයාගේ ශර්ට් එක ගලවලා ජිමින්ව පොරවපු හැටි..
" හ්යුන්ග්ට සීතල නැද්ද ? " ඇහුවම සීතලට දත් එකට ගැහි ගැහි
" මගේ සුද්දා ලග නිසා හ්යුන්ග්ට සීතල නෑ " කියලා කියපු හැටි මතක් වෙලා ජිමින්ගේ ඇස් වලට කදුලු ඉනුවා.හිමීට ලගට ගිහින් සැපට රූහිව තුරුල් කරන් ඉන්න හොබිගේ එක අතක් ජිමින් හිමීට ඇල්ලුවා.. ජිමින්ගේ ස්පර්ශයෙන් හොබීට ඇහැරුනත් අවුරුදු ගානකට පස්සේ උනටත් ඒ ජිමින් කියලා අදුරගන්න හොබීට අමාරු උනේ නෑ..ඒත් ඇස් අරින්නේ නැතුව නිදි වගේ හිටියේ හොබි දැනන් හිටියා එයා ඇස් ඇරියොත් ජිමින් යන වග..ඉතින් එයාටත් ඕන උනේ නිදි වගේ ඉදගෙන එයාගේ චූටි මල්ලිගේ ස්පර්ශය ලැබෙන්න..

YOU ARE READING
Mafia Daddy | JH || Completed ✔️✔️
Fanfictionවැස්සක් වෙන්න පුලුවන් නම්, කිසිදා වැස්සක් නොලද පොළොවකට... හෙවනක් වෙන්න පුලුවන් නම්, කිසිදා හෙවනක් නොවන හිසකට... සිනහවක් වෙන්න පුලුවන් නම්, කිසිදා සිනහා නොවුන හිතකට.. ඔබටත් වැටහේවි, තෙතක් නැති හදවතක පෙම පිරුණු අපූරුව........ ගලක් වැනි කියූ හිත උණු වෙ...