chapter 27

738 151 23
                                    

හොබි සේරිට කිව්ව සෝකීගේ කතාව හොබී හිතුවට ඒක අහන් ඉන්නේ සේරි විතරයි කියලා ඒක එහෙම උනේ නෑ...කොහොමත් මේ ලෝකේ හැමදේම අපිට ඕන විදියට වෙන්නෙ නෑනේ...ඉතින් එයාලටත් ඒක එහෙම තමයි...හැබැයි ඒක එයාලට වෙනස් උනේ සොකීගේ කතාව ඇහුනේ අහන්න ඕනම නැති කෙනාට...

හොබීගේ කටින් පිටවෙන වචනයක් ගානෙම ජිමින්ට දැනුනේ තමන්ගේ පපුව උල් පිහියකින් හාරගෙන යනවා වගේ...ජිමින් වගේ ඉක්මනින් රිදෙන හිත රිදෙන කෙනෙක්ට ඒවා දරාගන්න බෑ..

මෙච්චර කල් තමන්ගේ කියලා හිතපු හ්‍යුන්ග් තමන්ගේ නොවෙනකොට, තමන් එයාගේ නෙමෙයි කියලා දැන දැනත් තමන්ගේ ම මල්ලිට වගේ කවන පොවන එකේ ඉදන් කරනකොට , තමන් නිසාම තමන්ගේ අහින්සක හ්‍යුන්ග් කිසි හිතක් පපුවක් නැති රාක්ෂයෙක් වෙනකොට ජිමින් එච්චර ආදරේ කරපු හ්‍යුන්ග්ට තමන්ගේ අතින් ම වෙඩි තිබ්බා.. එච්චර ආදරණීය ඇස් වලට දවසකට හරි වෛර කරා...ඉතින් මේවා කොහොම දරාගන්න ද...ඇස් වලින් බේරෙන කදුලු වලට ඔහේ යන්න දීලා ජිමින් එතනින් එහාට ගියා...

හිතේ තියෙන දුක කදුලු වලට පෙරලන්න ඕන උනත් ජිමින්ට ඒක කරන්න ලේසි උනේ නෑ...හැමෝම හිනා වෙවී සතුටු වෙන තැනක ජිමින්ට එයාගේ දුක පෙන්නලා එයාලගේ සතුට නැති කරන්න ඕන උනේ නෑ...ඉතින් එයා එයාගේ වේදනාව උපරිම හංගන් ඉන්න උත්සාහ කරත් ඒක ලේසි නම් උනේ නෑ... විශෙෂයෙන්ම රූහිගෙන්...

ජිමින්ගේ වෙනස තේරුන රූහි ටිකක් අවදානෙන් ජිමින් දිහා බලන් හිටියා...ඒ නිසාම ජිමින් එයාගේ ඇස් රූහිගෙන් හංගන්න නම් ලොකු උත්සාහයක් දරන්න උනා...

🦋 චගියා...
ඔයා හොදින්ද...
ඇස් රතු වෙලානේ ඔයාගේ...

රූහි එයාගේ චූටි අත් ජිමින්ගේ කම්මුලේ තියන ගමන් අහනකොට ජිමින් අමාරුවෙන් හිනා උනා..

🐥 මන් හොදින් මැණික...
මේ ඇහැට රොඩ්ඩක් ගියා..
ඒකයි රතු වෙන්න ඇත්තේ...

🦋 ඒ උනාට මගේ නම් ඇස් රතු වෙන්නේ ඇඩුවාම..
මන් ඔයාගේ නම්චාචින්ගුනේ...
එතකොට මට බොරු කියන්න හොද නෑ..
ඇත්ත කියන්නකෝ සමෝච්චන්...ඔයා ඇඩුවාද...
ගුඩ් බෝයිස්ලා බොරු කියන්නේ නෑ..

 Mafia Daddy | JH || Completed ✔️✔️Where stories live. Discover now