After 1 week
🐥 නූනා ඔක්කොම ලෑස්තිද ??
🌹 තාම හදන ගමන් සුද්දො..
🦋අයිගෝ ඔම්මා..ලේට් වෙලා අනේ...අප්පා දැන් එන ගමන් ඇති...
🌹 චුට්ටක් ඉවසන්න හැල්මෝනී...තව චුට්ටයි.. ගිහින් බැලුම් පුම්බන්න..
🦋 අරස්සෝ...
🐹🐰 ඔන්න අපිත් ආවෝ...
🐥 ආහ්...හ්යුන්ග් ආවනම් මෙන්න මේවා එල්ලන්න උදව් කරන්නකෝ..
🦋 කුකී සමෝච්චන් බැලුම් පුම්බන්න උදව් කරන්නකෝ...මේ බලන්නකෝ ගොඩක් තියෙනවා..
🐰 ඉන්න ඉන්න මන් උදව් කරන්නම්..
කට්ටිය මේ ලෑස්ති වෙන්නේ හොබිගේ බර්ත් දේ එක සමරන්න..මේ සතිය පුරාවටම සේරි, රූහි ,ජිමින් තුන් දෙනා හොබීට ඇදෙන් බහින්න දුන්නේම නෑ.. විශේෂයෙන්ම රූහි...රූහිගේ වැඩේම හොබී ලග ඉදන් කියෝ කියෝ ඉන්න එක..ඉස්කෝලේ ගිහින් ආපු ගමන් කෙලින්ම යන්නේ හොබීගේ රූම් එකට..
සේරි, හොබී දෙන්නා රූහිට පේන්න එකම රූම් එකේ හිටියත් හොබීට ඇද දීලා සේරි නිදාගන්නේ බිම.. හොබී එයාගේ එහාපැත්තට එන්න කිව්වාට සේරි ඒකට කැමති උනේ නෑ...ඊටත් වඩා කෙල්ලට බයයි හොබීගේ කකුල එයාගේ අතින් පෑරේවි කියලා.
ජිමින් හොබීව බලාගන්නේ පොඩි එකෙක්ව බලාගන්නවා වගේ..හොබි චූටිකාලේ ජිමින්ගේ වැඩ ඔක්කොම කරා වගේ ජිමින් දැන් හරිම සතුටින් හොබීගේ වැඩ කරනවා..හොබීව නාවන එකේ ඉදන්ම කරන්නේ ජිමින්...හොබී නම් ඒකට කැමති නෑ..හැබැයි ජිමින් නම් හොබී කියන කිසිම දෙයක් සතේට ගනන් ගන්නෙ නෑ..
🦄 මන් කරගන්නම් සුද්දෝ
🐥 එහෙම බෑ...චූටි කාලේ මෙන්න මෙහෙම මගේ ඔලුව මසාජ් කර කර සේදුවේ...ආහ් එතකොට කොන්ඩෙට මෙන්න මෙහෙමත් කරා...
🦄 මගේ කකුල කැඩිලා තියෙන්නේ..අත් දෙක නෙමෙයි...යනවකෝ..මන් වොශ් කරගෙන අඩගන්නම්...
🐥 බෑ..බෑ...මන් ඔලුව සෝදලා යන්නම්...මන් එලියට ගියාට පස්සේ ඉතුරු ටික කරගන්නකෝ.. නැත්තන් මන් ඇස් වහන් ඉන්නම්..එක්කො ඒකත් ඕන නෑ අනේ..චූටි කාලේ අපි දෙන්නාම එකටනෙ වොශ් දැම්මේ..🤭🤭
YOU ARE READING
Mafia Daddy | JH || Completed ✔️✔️
Fanfictionවැස්සක් වෙන්න පුලුවන් නම්, කිසිදා වැස්සක් නොලද පොළොවකට... හෙවනක් වෙන්න පුලුවන් නම්, කිසිදා හෙවනක් නොවන හිසකට... සිනහවක් වෙන්න පුලුවන් නම්, කිසිදා සිනහා නොවුන හිතකට.. ඔබටත් වැටහේවි, තෙතක් නැති හදවතක පෙම පිරුණු අපූරුව........ ගලක් වැනි කියූ හිත උණු වෙ...