ජිවීතේ හරිම පුදුමයි..අදට හෝසියෝක් නැති වෙලා මාස පහක්..ඒ වගේම සේරිගේ චූටි බන්ඩියටත් මාස පහක්..රූහි හෝසියෝක් ගැන අහලා අඩන හැම වෙලේම සේරි, ජිමින් කියන්නේ හෝසියෝක් රට ගියා කියලා..තමන්ගේ ලෝකෙම වෙච්ච අප්පා නැති උනා කියලා, සදහටම එයාගේ චූටි මැණිකව දාලා ගියා කියලා රූහිගේ පුංචි ඇස් බලාගෙන කියන්න තරම් කාටවත් තාම ශක්තියක් නෑ..එච්චර දෙයක් දරාගන්න තරම් රූහිගේ පුංචි හිතට ශක්තියක් නෑ..
අප්පා ඕන කියලා අඩන හැම වෙලේම " අප්පා ඉක්මනට එයි මැණික " කියලා කියනවා හැරෙන්න කිසිම කෙනෙක්ට එතනින් එහාට වචනයක්වත් කියන්න ශක්තියක් තිබ්බේ නෑ..කාලයත් එක්කම රූහිත් අප්පා ඕන කියලා අඩන්නේ නැතුව අප්පා එයි කියලා විශ්වාස කරන් ජීවත් වෙන්න, අප්පා ආස විදියට ජීවත් වෙන්න රූහි පුරුදු උනා..
රූහි හෝසියෝක් බලාපොරොත්තු උන විදියටම සේරිව ඇස් දෙක වගේ බලාගන්නවා..ඉස්සර වගේ කෙල්ල සේරිට වද දෙන්නේ නෑ..කෙල්ල උදෙන්ම නැගිටින එකෙ ඉදන් හැමදේම තනියම කරගන්න පුරුදු වෙලා..කෙල්ලගේ මේ වෙනස් වීම සේරිටත් පුදුමයි..හැබැයි සේරිට සතුටුයි මුල් කාලේ වගේ රූහි අප්පා ඕන කියලා අඩන්නේ නැතුව සතුටින් ඉන්නවා දකිනකොට...සේරිට උනත් කෑ ගහලා අඩන්න ඕන උනත් එදා හොබිගේ වීඩියෝ එකෙන් පස්සේ සේරි තාම එක පාරක්වත් ඇඩුවේ නෑ..කෙල්ලට එයා ඉන්න තත්ත්වේ එක්ක අඩන්න බෑ..කෑ ගහලා අඩන්න ඕන උනත් සේරිගේ බඩේ ඉන්න දරුවා වෙනුවෙන්, රූහි වෙනුවෙන් සේරි එයාගේ හිත ශක්තිමත් කරගෙන හිටියා.
ජිමින්ගේ උනත් ඒ හැටි වෙනසක් නෑ..හොබි ඉල්ලුව විදියටම ජිමින් එයා වෙනුවෙන් ශක්තිමත් උනා.. හොබී ඉල්ලුව විදියටම ජිමින් යූකාගෙන් කැමැත්ත ඇහුවා..මුල් කාලේ ජිමින්ව බෙදාගන්න බැරුව රූහි යූකා එක්ක රන්ඩු උනාට දැන් නම් රූහිටත් යූකාගෙන් තොර ලෝකයක් නෑ..ජිමින් එයාගේ ජිවිතේ හැම දෙයක්ම අකුරක් නෑර යූකාට කිව්වා.. ඉතින් යූකා කියන්නේ ජිමින්ව තේරුම් ගන්න පුලුවන් හොදම කෙල්ල කියලා යූකා ඔප්පු කරා.. සේරිගේ තත්ත්වේ නිසා යූකාත් වැඩි හරියක් ඉන්නේ හොබිගේ ගෙදර..කෙල්ලගේ ඔම්මායි අප්පායි ජපානේ ඉන්නේ..යුකා ජපන් ගර්ල් කෙනෙක්..ඒත් කෙල්ල නිදහසට ආස නිසායි කොරියාවට ඇවිල්ලා එයාගේම ශොප් එකක් දාගෙන තියෙන්නේ..

YOU ARE READING
Mafia Daddy | JH || Completed ✔️✔️
Fiksi Penggemarවැස්සක් වෙන්න පුලුවන් නම්, කිසිදා වැස්සක් නොලද පොළොවකට... හෙවනක් වෙන්න පුලුවන් නම්, කිසිදා හෙවනක් නොවන හිසකට... සිනහවක් වෙන්න පුලුවන් නම්, කිසිදා සිනහා නොවුන හිතකට.. ඔබටත් වැටහේවි, තෙතක් නැති හදවතක පෙම පිරුණු අපූරුව........ ගලක් වැනි කියූ හිත උණු වෙ...