Final Chapter 2

944 164 100
                                    

🦋 අප්පා..ඔයාට මාව පේනවා නේද ??

මුලු හෝල් එකම නිශ්ශබ්දව තියෙනකොට රූහි එයාගේ හඩ අවදි කරා..හැමෝම අහන් හිටියේ සේරි ඊලගට කියන්නේ මොනවාද කියලා බලන්න..

🦋 අප්පා හැමෝම හිතන් ඉන්නේ ඔයා මැරුනා කියලා..මන් දන්නවා ඔම්මා..ඔයාලා මට කිව්වේ නැති උනාට මන් දන්නවා..සමෝච්චන් මන් දන්නවා සමෝච්චන්..

🐥 ම..ම..මට ස..සමාවෙන්න රූහී..

ජිමින් මෙච්චර වෙලා කදුලු බේරෙන එයාගේ ඇස් රූහිගේ චූටි පපුව අස්සේ හංගගත්තේ තවත් දරාගෙන ඉන්න බෑ කියන්න වගේ..

🦋 අඩන්න එපා සමෝච්චන්...අප්පා ඉන්නවා..
මට ඒක දැනෙනවා අප්පා..ඔයා ඉන්නවා නේද..ඔයා මන් දිහා බලාගෙන නේද ඉන්නේ ?? මන් ඔයා වෙනුවෙන් මේක වින් කරා..ඔයාට ඕන උනේ මේක නේද ?? දැන් එන්නකෝ...අප්පා ඔයාව අපිට ඕන.. මට ,ඔම්මාට, සමෝච්චන්ට , අපේ චූටි මල්ලි බබාට ඔයාව ඕනේ අප්පා..එන්නකෝ..හැංගිලා ඉන්න තැනකින් එන්න අප්පා...ඉස්සර වගේ ඇවිල්ලා මට චූටි මැණික කියලා කතා කරන්න..එන්නකෝ අප්පා.. ඔයා දැන් මන් ලගට ආවේ නැත්තන් මන් එනවා ඔයා ලගට..මට පේනවා ඔයාව..

🐥 රූහි...මොනවාද ඔයා ඔය කියවන්නේ ?? අප්පා අපිව දාලා ගියා මැණික..එයා අපිව දාලා ගිහින් හුගක් කල්...මට සමාවෙන්න මැණික..

ජිමින් අඩ අඩ කියනකොට රූහි ජිමින්ගේ කටට එයාගේ චූටි ඇගිලි තියලා වැහුවා..මුලු ඕඩියන්ස් එකම තාමත් නිශ්ශබ්දයි..ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරමට නිශ්ශබ්දයි..අතරින් පතර සේරිගේ, ජිමින්ගේ තව දෙතුන් දෙනෙක්ගේ ඉකියක් හැරෙන්න හෝල් එක පුරාම හ්ම් සද්දයක් තිබ්බේ නෑ.

🦋 අප්පා මැරුනේ නෑ සමෝච්චන්..එයා ඉන්නවා.. මට එයාගේ සුවද දැනෙනවා..මන් කිව්වනේ අප්පා.. ඔයා දැන් මන් ලගට ආවේ නැත්තන් මන් ඔයා ලගට එනවා...චේබල් අප්පා..එන්නකෝ..ඇවිල්ලා මට චූටි මැණික කියලා කතා කරන්න..

රූහි ඇස්වල කදුලු බේරෙන ගමන් කියනකොට ජිමින් බයටම රූහිව තවත් තුරුල් කරගත්තා.. රූහි අසනීප වෙලා කියලා හැමෝටම බය හිතුනා..ටිකක් වෙලා ගිහින් රූහි ජිමින්ගේ අතින් බැහැලා ඕර්ඩියන්ස් එක පැත්තට ඇවිදින්න පටන් ගත්තා.

 Mafia Daddy | JH || Completed ✔️✔️Where stories live. Discover now