chapter 01

821 85 21
                                    

තැලුනු කහ පාට මල් තැනින් තැන වැටුණු තෙත බරිත වූ තාර පාර දිගේ ඇවිදන් ගියපු පෙම්වතුන් දෙදෙනා ඔවුනොවුන්ගේ සුසුමන් පවා දැනෙන තරම් ලං වී සිටින්නේ කඩින් කඩ වැටෙන වැස්ස ඔවුන්ට උපකාර කරගෙන. ඔවුන්ට ඉඩ දීම බස් නැවතුමේ නතර වුණ මගේ ඇස් හෙව්වේ හැමදාමත් වගේ දකින රූපය. බලා සැනසීමට පමණක් හැමදාම වගේ එක් රුවක් හොයපු මගේ දෙනෙත් වලට අද සතුටක් නැති හැඩයි. ගැන්ග්නම් වලට යන බසය මගේ දර්ශන පථය අවහිර කලේ මගේ ප්‍රමාදය මටම සිහි ගන්වලා. කඩිනමින් බසයට ගොඩ වුණේ ඒ මලානික ඇස් නොදැකපු නිසා හිතේ ඇති වුණ සියුම් වේදනාවක් එක්කමයි.

"හහ්....."

මුලු බසයටම ඉතුරු වෙලා තිබුණේ එක හිඩසක් විතරයි. පිටුපසම එක් අසුනක් විතරක් දැකපු මගේ මුවින් පිටවුණේ එවැන්නක්. ඒත් මං වැරදි කියලා මං දැනගත්තේ බසයෙ කෙලවරටම ඇවිදන් ගියාම.
ඒ අසුනත් පුංචි දගයෙක් අල්ලගෙනනෙ. හිස් අසුනෙ සැප නින්දක හිටපු පූස් පැටියව දැක්කම නිකන්ම මුවගින් හිනාවක් මතුවුණේ අනිවාරෙන්ම මෙයාට අයිතිකාරයෙක් ඇති කියලා දන්න නිසාමයි. හිටගෙන යන්න බැරි නිසාම පූස් පැටියව අත් දෙකෙන්ම වඩා ගත්තේ ඒ සැප නින්දට බාධාවක් වෙයි කියලා බයෙන්මයි.
නින්දෙන්ම ඇහුණ පුරු පුරුවත් එක්ක පූස් පැටියා මගේ අතේම නිදාගත්තේ මගේ ස්පර්ශය සුව පහසු වුණ නිසා කියලමයි මගේ හිත කිව්වේ.

ටිකකින් මගේ අතට අහුවුණේ පූසාගේ කරේ ගැටගහලා තිබුණ දෙයක්. හරියට නෝට් එකක් වගේ. ගැටගහලා තිබුණ පටියෙන් වෙන්කරගෙන මම ඒ අත් අකුරු කියවන්න උත්සහයක් ගත්තා.

"චූටි පොලිස් ඔෆිසර්... අදින් පටන් ගන්න අලුත් රස්සාවට මගෙන් සුබ පැතුම්.
මගේ හුරතලා ඔයාට."

පොලිස් ඔෆිසර්...?? ඒ මමනේ.. එතකොට මෙයාව මටද? ඒත් කවුද මේ? මුලු බස් රථයෙම මගීන් දිහාවට නෙත් යැව්වේ මේ හුරතලාගේ අයිතිකාරයා හොයාගන්න. ඒත් සැක හිතෙන තරම් කෙනෙක් නොවුණ නිසා මගේ මූණට ආවේ නම් හොද පෙනුමක් නෙවෙයි. ආයිෂ්... ඒකත් සැකකාරයාලු... පාර්ක් ජීමින් තමුන් තාම පොලිසියට ගියෙවත් නෑ. මොකක්ද ඔය හිතන භාෂාව. මගේ හිත ඇතුලාන්තයෙන් මාත් එක්කම ලොකු යුද්දයක්. නිදි කිරන පූස් පැට්ටාවත් තුරුලු කරන් තනියම හිනාවෙන මාව මිනිස්සු දකිනවා ඇත්තේ මානසික ලෙඩෙක් ගානට.

•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'•  | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗Where stories live. Discover now