දවස් ගණන් ගෙවිලා කෑම්පින් යන දවසත් ලං වුණේ මං ඕනිවටත් වැඩිය ඒ ගැන තොරතුරු හොයාගෙන තියෙද්දි. ඔය දවස් ගානට මං යුන්ගිට මූණ නොදී ඉන්න දරපු උත්සහය දන්නෙ මං විතරයි. ඒ පූසා නම් එහෙම දෙයක් මතක නැති ගානට හැසිරුණත් චීෆ් ව දකින හැම වෙලාවකම අතක් ඉබේම දෙතොල් වල නවතින නිසාම චීෆ්ගෙන් ඔලුව හන්ගන් ඉන්න මට වුණා.
ටේහ්යොන් ඇතුලු කණ්ඩායමක් එක්ක බුසාන් වල කෑම්ප් එකට ආවේ ලමයි ටික අදුරගන්න. හයි ස්කූල් යන ලමයි තිහක් විතර එතන හිටියත් මීට කලින් පුහුණුව දීලා තිබුණෙ පිරිමි ලමයිට විතරක් නිසා ගෑණු ලමයි කීප දෙනෙකුත් දකිද්දි මං ටේහ්යොන් දිහා බැලුවා.
"සර් .. මේ පාර කෙල්ලොත් ඉන්නවා. වෙන පාරවල් වල එයාලට ට්රේන් එක දෙන්නෙ නැතත් මේ පාර ස්කූල් එකෙන් ඉල්ලීමක් කරලා තිබුණා."
"අරස්සෝ .. කට්ටියටම එන්න කියන්න. මං කතා කරන්න ඕනි. ඒත් කෙල්ලො එක රැයක් මෙතන තියාගන්න එකේ වගකීම කාටද තියෙන්නෙ."
"සර් .. කාන්තා පොලිස් නිලධාරිනියොත් ඇවිත් ඉන්නවා."
එහෙම කියාගෙන ටේහ්යොන්ග් ගියත් හිතේ තිබුණෙම ඒක ප්රශ්නයක් වෙයි කියලා. මොකක්දෝ බයක් හිතට දැනෙන්න ගත්තත් ඒක නොසලකා හැරලා මං පුහුණුව පටන් ගත්තා. හවස් වෙනකන්ම එක දිගට දේශන වගේම එක එක ක්රියාකාරකම් දීලා විවේකයක් ගන්න ටිකකට බිමින් ඉදගත්තේ මහන්සිය වැඩි නිසා.
"සර් .. "
"යාහ් ටේහ්යොනා මෙතන ඔෆීෂියල් වෙන්න ඕනි නෑ. මොනාද මේ ගෑණු ලමයි කරන්නේ ? කෙලින් පෝලිමක වත් ඉන්න දන්නෙ නැද්ද ? "
ටේහ්යොන් ගෙනාපු වතුර එක බොන ගමන් ඇහුවෙ උදේ ඉදන්ම කොල්ලො ටික මං කියන විදිහට හිටියත් කෙල්ලො ටිකව පාලනේ කරන්න අමාරු වුණ නිසා.
"පේන්නැද්ද ? ජීමින්ගේ ලස්සනට කෙල්ලො අවදානෙ ගන්න හදනවා වගේ කියලා මට නම් පේන්නේ. මං දැක්කා කෙල්ලො බලනවා."
"මං දැක්කෙ නම් ඒ කෙල්ලො ටික ටේහ්යොන් දිහා බලනවා."
මට කරපු විහිලුවම අනිත් පැත්තට ටේහ්යොන්ට කිව්වේ දිගටම ඒ කතාව කරන් යන්න බැරි නිසා. විනාඩි පහක විතර විරාමෙකින් පස්සේ ආයෙමත් ලමයි ටික පෝලිමට හදලා කතා කරන්න ගත්තේ උපදෙස් ටිකක් දෙන්න තියන නිසා.
YOU ARE READING
•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'• | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗
Fanfiction"ගින්දර වලටත් වඩා දේකට දැන් මං බයයි ජීමින්. ඔයා දන්නවද මේ ලෝකෙ මැරෙනවටත් වඩා බය දේ මොකක්ද කියලා. තමන් ආදරේ කරන අය තමන්ට නැති වෙයි කියලා දැනෙන බය ඔය හැමදේටම වඩා වැඩි ජීමින්.." Published date :- 2022.02.24