සෝල් පොලිස් ස්ටේශන් එකට මාරු වෙන දවස හුඟක්ම ලඟ නිසා ගැන්ග්නම් ස්ටේශන් එකෙනයින් වෙලා යුන්ගි හ්යොන්ගේ ගෙදර ඉන්න සතියක විතර කාලයක් මට ලැබුණ නිසා ඉස්සර තරම් හැමවෙලෙම ඒ නපුරා දිහා බල බල ඉන්නත් බැරි නිසා ඔම්මත් එක්ක ගෙදරට වෙලා හිටියේ කම්මැලි කමේ. අපේ ගෙදර රෙපයාර් එක ඉවර වුණත් යුන්ගි කැමති වුණේ නෑ ඔම්මවත් මංවත් මෙහෙන් යන එකට. අපි දෙන්නගේ සම්බන්ධෙ ගැන ඔම්මා දැනන් හිටියෙ නැතත් එයා සමහර තැන් වල හිතා මතා අපිට තනි වෙන්න දුන්නේ මොකක්ම හරි ඉවක් වැටුණ නිසා.
"චිම්... මොනාද ඔය කරන්නේ?"
"ආහ් මං... අද රෑට මං ගානේ ඩිනර් එක. ඔම්මා පැත්තකට වෙලා ඉන්න අද. යුන්ගි හ්යොන්ග් කලින් එනවා කිව්වා."
"ආ ඒකයි මේ... චිමී සෝල් වලට ගියාම මේ කොල්ලා ගෙදර එයිද කියන්නත් විශ්වාසයක් නෑ."
ඔම්මා කිචන් එකෙන් එළියට යන ගමන් කියවන් ගියපු දේ නිසා මට ලැජ්ජා හිතුනත් ඔළුව දෙපැත්තට වනලා ආයෙම කැරට් ගෙඩිය කපන්න ගත්තේ දැන් හ්යොන්ග් එන වෙලාව නිසා.
ටිකකින් මගේ ඉණ වටේ රස්නෙ අත් දෙකක් එතිලා ඒ හුරුපුරුදු උණුසුමට මාව ඇදිලා යද්දි මට විශ්වාසයි මං ලස්සනට හිනා වෙන්න ඇති.
"මොනාද මේ කරන්නේ?"
"හ්යොන්ග්??"
"ම්ම්..."
මගේ බෙල්ල අස්සේ මූණ ගහන් යුන්ගි මුමුණන විදිහට ඇඟ දිගේම හරි උණුසුම් හැඟීමක් පැතිරිලා ගියේ මටත් නොදැනීමයි.
"ඔම්මා එයි මෝඩයෝ."
"එයා දැන් තත්පර එක හමාරකට කලින් ඇවිත් හැරිලා ගියා."
යුන්ගි හ්යොන්ග් කිසි ගාණක් නැතුව කියලා පිහිය අතේ තියෙද්දිම මාව එයාගේ පැත්තට හරවගත්තේ හුරතල් පූස් මූණක් හදාගෙන.
"ඔයා ලඟ සුවඳයි..."
"ඔයා ලඟ ගඳයි හ්යොන්ග්. ගිහින් වොශ් එකක් දාගෙන එන්න. මං ඩිනර් රෙඩි කරලා තියන්නම්."
"ම්හු... බෑ බෑ... අද මගේ හස්බන්ඩ් මං නැතුව වොශ් දාලා."
"හ්යෝඕඕන්න්ග්... මං තාම ඔයාගේ හස්බන්ඩ් නෙවේනෙ. අනික අපි තාම එකට වොශ් දාලත් නෑ."
YOU ARE READING
•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'• | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗
Fanfiction"ගින්දර වලටත් වඩා දේකට දැන් මං බයයි ජීමින්. ඔයා දන්නවද මේ ලෝකෙ මැරෙනවටත් වඩා බය දේ මොකක්ද කියලා. තමන් ආදරේ කරන අය තමන්ට නැති වෙයි කියලා දැනෙන බය ඔය හැමදේටම වඩා වැඩි ජීමින්.." Published date :- 2022.02.24