Chapter 2

288 65 18
                                    

"ගුඩ් මෝනින් සර්. චීෆ් කිව්වා සර් ආපු ගමන් රිපෝට් කරන්න කියලා."

ගැන්ග්නම් පොලිස් ස්ටේෂන් එකේ දෙවෙනි දවසෙ උදෙන්ම තවත් නිලධාරියෙක් කිව්වේ මං අහන්න කැමති දෙයක් වුණත් හිතට බයක් දැනුනෙ අහේතුකව. කලබලයක් නැතුව යන්න හැදුවත් චීෆ්ගෙ රූම් එක ඉස්සරහා නැවතුන මගේ දෙපා පැටලෙන්න ගත්තෙ ඒ බයටමයි.

"සර් මේ අයි කමින්."

"යස්.. කමින්.."

ඒ ගොරෝසු හඩෙන් ඊයෙ වගේම කතා කරාම ඇතුලට යද්දිත් මොකක්ද ෆයිල් එකක් චෙක් කරමින් හිටපු චීෆ් ඔලුව උස්සලා මගේ ඉස්සරහට ෆයිල් එක දැම්මා.

"තමුන්ගේ පලවෙනි වැඩේ. කේස් එක අතුරුදහන් වීමක්. හොදට ස්ටඩී කරන්න පැයයි තියෙන්නෙ තමුන්ට. ඒ නිසා ඉක්මණ් කරොත් හොදයි. නව්... කවුන්ට් යුවර් ටයිම්."

අතේ තිබුණ නවීන වර්ගයේ ඔරලෝසුව දිහා බලන් චීෆ් කිව්වෙ මාව කරකවලා අත ඇරියා වගේ. වැඩි වෙලාවක් නැති නිසා ෆයිල් එක අතට ගත්තු මං ඒක දිහා බැලුවෙ ගැඹුරු හුස්මක් ගන්න ගමන්.

"ඕකේ සර්."

සැලූට් කරන ගමන් එලියට ආවේ පැයක් ඇතුලත අතුරුදහන් වීමක කේස් එකක් ස්ටඩී කරන්න. නිල් පාට ෆයිල් එක පෙරලන්නත් කලින් දැකපු දේ මූණට හිනාවක් ගෙනාවේ. පූසෙක්ගෙ කන් දෙකක් එක්ක නහයක් ෆයිල් එකේ කෙලවරක පොඩියට ඇදලා තිබ්බෙ චීෆ් කියන එක නම් මං පිලිගන්න පොඩ්ඩක්වත් සූදානම් වුණේ නෑ.

"ආයිෂ්... ජීමින් වැඩේ කරනවා."

මගේ හිතටම නියෝග දෙන ගමන් හැම පිටුවක්ම චෙක් කරන්න ගත්තේ හරිම ඉවසීමෙන්. අවුරුදු අටක පොඩි පිරිමි දරුවෙක් ඊයෙ හවස ඉදන් අතුරුදහන්. අවසන් වරට ස්කූල් යුනිෆෝම් එකකින් දැකලා තියෙනවා ස්කූල් එක ඉස්සරහා. වැදගත්ම දේ නම් සීසීටීවි වලට වත් අහු නොවී මේ දේ වුණ එකයි. සැක හිතෙන තැන් කීපයක්ම මාකර් එකෙන් සලකුණු කරගෙන නැගිට්ටේ ස්කූල් එක ලගට යන්න හිතාගෙන.

"ජීමිනා...ඕහ්... ජෙසොහමිදා සර්.. කොහේ හරි යන්නද?"

"දේ ටේහ්‍යුන්.. අර ලමයා නැති වුණ එක."

•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'•  | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗Where stories live. Discover now