ආශ් යුන්ගි හ්යොන්ග්ට නම් මොනා වෙලාද මන්දා. මං හදිස්සියෙන්ම කම්මුල් දෙකත් අල්ලන් එළියට දුවගෙන ආවේ ඒ කියපු කතා ටික දරාගන්න බැරුව. දෙයියනේ මගේ කම්මුල් හොඳටම රතු පාට වෙලයි තිබුණේ. එයත් කණ්ණාඩියෙන් ඒක හොඳටම දකින්න ඇති කියලා මට විශ්වාසයි. වස ලැජ්ජාව.
හෙට සෝල් යන්න තියන නිසා මං ලෑස්ති වුණේ හ්යොන්ග් එක්ක ටිකක් එළියට යන්න. සෝල් කියන්නේ මහා ලොකු දුරක් නොවුණත් මට එයාවයි ඔම්මවයි ගැන්ග්නමුයි මිස් වෙන්නයි යන්නේ. අනික මටත් වඩා එයාටයි ඕනි වුණේ අද එළියට යන්න. අපි දෙන්නගේ පළවෙනි ඩේට් එක නිසා ලස්සනට යන්න ඕනි වුණේ මට තමයි ඉතින්. හැබැයි ලෑස්ති වෙන්න ගිහින් කණ්ණාඩිය ඉස්සරහා හැඩ බල බල හිටපු මට වුණේ කවදාවත් නැති තරම් ලැජ්ජා හිතෙන දෙයක්.
'ඔහොම ඇඳන් ඇවිත් බලාපොරොත්තු වෙන්නේ මාව අවුස්සගන්නද බේබි? ඔයා අදම මාව අවුලලා දාන්නද හදන්නේ?' ඒ වචන ටික කණ ඇතුළෙ ආයෙ ආයෙම ඇහෙද්දි ඒක කියන ගමන් මගේ ඉණ වටේ එතුණ අත් දෙක තාමත් ඒ විදිහටම දැනෙන එක නම් හරිම නරක දෙයක්.
"මොකද ළමයො පොඩි එකෙක් වගේ දුවන්නේ? සෝල් පොලිස් ස්ටේශන් එකේ චීෆ් වෙන්න ඉන්න මනුස්සයා නේද මේ?"
කිචන් එකේ ඉඳන් එළියට ආපු ඔම්මා මාව දැකලා කෑ ගහද්දිත් මං එළියටම දුවන් ගිහින් ඉවරයි. කොහොමද ඉතින් දැන් එයාගේ මූණ බලන් ඩේට් එකට යන්නේ. කොච්චර වැඩුණ මනුස්සයෙක් වුණත් ඒ කියපු කතාවත් එක්ක මගේ ඇඟම හිරිවැටිලා ගිහින් තිබ්බේ. මීට කලින් කිසි දවසක නොවිඳපු හැඟීම් ඒවා විඳින්න හීන දැකපු මනුස්සාගෙන්ම ලැබෙද්දි මං නොසන්සුන්.
'ආශ් මෝඩයා... තමුන් පිරිමියෙක්. පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා..' මගේ හිතටම තරවටු කරගෙන යුන්ගිගේ වාහනේට නැග්ගේ ටිකකින් එයත් ලෑස්ති වෙලා වාහනේට නගිද්දි. කෝකටත් කියලා මගේ සුදු පාට ශර්ට් එකේ ගැලවිලා තිබ්බ උඩ බට්න් දෙක තුනත් බෙල්ල මුලටම දාගත්තේ අර ගැඹුරු ඇස් ඒ දිහා බලද්දිත් මාව හිරිවැටිලා යන නිසා.
"අපි ඉස්සල්ලාම ඔයාට ගෙනියන්න ඕනි දේවල් ටිකක් අරගමු. පස්සේ ඩිනර් එක අරගෙන ගෙදර එමු. මං ඔම්මටත් කිව්වා කෑම හදන්න එපා කියලා."
YOU ARE READING
•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'• | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗
Fanfiction"ගින්දර වලටත් වඩා දේකට දැන් මං බයයි ජීමින්. ඔයා දන්නවද මේ ලෝකෙ මැරෙනවටත් වඩා බය දේ මොකක්ද කියලා. තමන් ආදරේ කරන අය තමන්ට නැති වෙයි කියලා දැනෙන බය ඔය හැමදේටම වඩා වැඩි ජීමින්.." Published date :- 2022.02.24