පොලිස් ස්ටේෂන් එකෙන් එලියට එද්දි මටම හිනා ගියේ මහ අමුතුම විදිහකට. හරියට නිකන් දවස තිස්සෙම අරහෙට මෙහෙට දුවලා හොයපු දේ අතටම අහු වුණාම දාන හිනාව වගේ එකක්. හොඳටම රෑ වෙලා වුණත් මගේ හිතේ වැඩේ අත අරින්න කිසිම අදහසක් නොතිබ්බ නිසා ටේහ්‍යොන් වුණත් කරේ මං පස්සේ දුවපු එක. සේහීගේ මරණෙ ගැන හොයාගත්තු දේවල් එක්ක අන්තිමට එක මිනිහෙක් කට ඇරියේ මේ පිටිපස්සේ ලොකු අත්තක් ගෑවිලා තියෙන එකට මං කරපු සැකේ තහවුරු වෙද්දි.
හෙල්ත් මිනිස්ටර්ගේ පුතා ක්ලබ් එකේ සින්ග් කරන කෙල්ලෙක්ට බලහත්කාරකම් කරන්න හදද්දි ඒ කෙල්ලගෙ අතින් කාපු කනේ පාරකට කෙල්ලව මරලා දාන්න වගේම බලයත් පාවිච්චි කරලා ඒක වහන්න හදපු එක සාක්ශිත් එක්කම ලැබිලා ඉවරයි.
"ඌව ඇරෙස්ට් කරන්න ගන්බොක් වලින් ටීම් එකක් යවන්න."
"ඒත් සර්....."
"වේහ් වේහ්.. එහෙ අයත් දැනගන්න ඕනිනේ ගැන්ග්නම් වල වැඩ බලන නිලධාරියාගේ වැඩ ගැන."
"යාහ් ජීමින් ශී.. අර චීෆ් වගේමයි. ස්වයං වර්ණනාව..."
ටේහ්‍යොන් රවාගෙන වාහනේට නැග්ගේ මාත් හොඳ හුස්මක් අරන් පැසෙන්ජර් ශීට් එකෙන් ඉදගනිද්දි.
"ඇමති පුතෙක් එක්ක මේ පාර හැප්පුණේ ජීමිනා.. කෝකටත් පරිස්සමෙන්."
ටේහ්‍යොන් නොකියා කියපු දේ ගැන මට කිසි බයක් තිබුණෙ නැතත් ඒ කියපු කතාවේ වැරැද්දකුත් නෑ. ඒත් ඒක අපේ රාජකාරියනේ.
"ආශ්.. මහන්සි ටේහ්‍යොනා.. ඔම්මව බලන්න යන්න හිටියේ."
"ඔහෝ.. මට පේන්නේ චීෆ් යුන්ගි හොර පූසා එයාගේ මදර් ඉන් ලෝ ව අයිති කරගෙන වගේ."
"වට්.......??? යාහ් ටේහ්‍යොන් ඕක ඒ මනුස්සයා ඉස්සරහ නම් කියනවා නෙවෙයි. ඔම්මාත් මොකට එයා එක්ක ඉන්නවද දන්නෑ."
හොස්පිටල් එකේ වාද කරලා යුන්ගි දිනද්දි ඔම්මව චීෆ්ගේ ගෙදර නතර කරන්න වුණා. හරි ඉතින්... ඒක රිපෙයාරින් එක ඉවර වෙනකන් විතරයි. අනික මං ඉන්නේ ටේහ්‍යොන්ගේ ගෙදර. මට කොහෙත්ම යුන්ගිගේ ගෙදර නතර වෙන්න ඕනිකමක් නෑ.
"මං නම් කියන්නේ ජීමින් ශී චීෆ්ම එන්න කියපු එකේ ඔයාටත් තිබ්බේ එහෙ නතර වෙන්න. අනික ඔම්මොනිම් ඔයාලා දෙන්නා ගැනත් කිසි දෙයක් දන්නේ නෑ."
YOU ARE READING
•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'• | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗
Fanfiction"ගින්දර වලටත් වඩා දේකට දැන් මං බයයි ජීමින්. ඔයා දන්නවද මේ ලෝකෙ මැරෙනවටත් වඩා බය දේ මොකක්ද කියලා. තමන් ආදරේ කරන අය තමන්ට නැති වෙයි කියලා දැනෙන බය ඔය හැමදේටම වඩා වැඩි ජීමින්.." Published date :- 2022.02.24