හැමෝගෙම ඇස් තිබුණේ අපි ලඟ. ඊටත් වඩා මගේ ඉණ වටේ ගිහින් තිබුණ ගැන්ග්නම් වැඩ බලන පොලිස් නිලධාරියාගේ අත නිසයි ඒ අවධානේ අපි ලඟ තියෙන්නේ. තව තවත් ඒ අත මගේ ඉණ වටේ තද වෙද්දි ඕනිවටත් වඩා ලඟින් අපිව පේන්න ඇති.
"ච්...චීෆ් එයාලා අපි දිහා බලාගෙන ඉන්නේ."
"ඉතින්??"
විනාඩි ගාණකට පස්සේ මං කිව්වමවත් එයා කරේ මගේ මූණෙ හැමතැනක්ම ඒ මලානික ඇස් දෙකෙන් සෝදිසි කරපු විදිහ. එයාට වෙන අය ගැන ගානක්වත් නැති තරම්. ඒ ඇස් වල තිබුණ බැල්ම මගේ මුළු හිතම හිරිවට්ටලා තිබුණා හරි ලස්සනට. අද නම් කොහොමටත් හැල්මේ දුවන මගේ හිත නතර කරගන්නවත් ඒ උණුහුමෙන් පැනලා දුවන්නවත් මට ඕනි වුණේ නෑ.
යුන්ගි හ්‍යොන්ග් ඇස් වලින් විඳලා ඉවර කරන්න බැරි තරම් ලස්සනක් තිබුණ කෙනෙක්. කොපි පාට ඇස් දෙක, හැඩේට තිබුණ ඝනකම් ඇහි බැමි, අඹපු රූපයක් වගේ තිබුණ මූණ, තරමක් දුරට වැවුණ තද කළු පාට අකීකරු කොණ්ඩෙ චීෆ්ගේ ලස්සන වැඩි කරා. ඒ රූපේ හරිම නිස්කලංකයි. පියානෝ වාදනේ එක්ක අපි දෙන්නම ඩාන්සින් ෆ්ලෝර් එක අපේ කරගත්තේ හුඟක් මිනිස්සු දිළිසෙන ඇස් වලින් අපි දිහා බලන් ඉද්දියි.
"ඩ්‍රින්ක්ස් ගත්තද?"
ඉණෙන් අල්ලන් හිටපු අත ලිහිල් කරලා එයාගේ ඇඟිල්ලක මගේ අත දවටන් මාව වටයක් කරකවලා ආයෙමත් එයා ලඟට ගද්දි යුන්ගි ඇහුවා."ම්ම්... වයින්."
යුන්ගි එනකන් බලන් හිටපු වෙලාවෙදි නොසන්සුන්කමටත් එක්කම බීපු වයින් ග්ලාසස් හත මතක් කරගෙන මං උත්තර දුන්නා. වයින් වලින් මගේ ඇඟ තරමක් දුරට පාලනයෙන් ගිලිහුණා තමයි. ඒත් සැර බීමක් බොන එකට වඩා දෙයක් මේ ලෝකේ තියෙනවා මාව මත් කරවන. යුන්ගිගේ මූණ පුරා විහිදෙන හරි ලස්සන හිනාව වගේම කොහොමත් තියන නිදිබර ඇස් දෙක මත්ද්‍රව්‍යක් වගේ."ඔයාට මේ විදිහ ගැලපෙනවා ජීමින්. මට පේන්නේ ඔයාව සැහැල්ලු පිහාටුවක් වගේ."
තවත් පියවර හිමින් හිමින් නර්ථනයට ගැලපෙද්දි මාව තවත් අවුල් කරන ගමන් චීෆ් කිව්වා."හහ්... හා... චීෆ් ඒ ඇයිද දන්නවද?"
වෙනදා වගේ නෙවෙයි මං හරි වෙනස් අද. මං දැක්කා යුන්ගි නෑ කියන්න ඔළුව වනනවා.
YOU ARE READING
•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'• | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗
Fanfiction"ගින්දර වලටත් වඩා දේකට දැන් මං බයයි ජීමින්. ඔයා දන්නවද මේ ලෝකෙ මැරෙනවටත් වඩා බය දේ මොකක්ද කියලා. තමන් ආදරේ කරන අය තමන්ට නැති වෙයි කියලා දැනෙන බය ඔය හැමදේටම වඩා වැඩි ජීමින්.." Published date :- 2022.02.24