Chapter 04

219 66 29
                                    

උදෙන්ම ස්ටේශන් එකට ආපු මට වුණේ මීඩියා වලට උත්තර දිදී ඉන්න. මීඩියා වලට ඕනි නිව්ස් එකක්ම විතරක් නෙවෙයි කියලා තේරුණේ පිස්සුවෙන් වගේ අහන ප්‍රශ්න නිසා. එකින් එකට වොයිස් කට් දිදී ඉන්න එකේ ඔක්කොම එකතු වෙලා එකක් ගත්තා නම් මාත් නිදහස්නේ. අනික කොයි විදිහට වචන වෙනස් කර කර ඇහුවත් හැම ප්‍රශ්නෙම තිබුනෙ එකම දේ.

වැඩ භාර ගෙන දෙවෙනි දවසෙන් මෙච්චර ලොකු අපරාදයක් නැවැත්තුව එක ගැන ඔය තරම් පුදුම වෙන්න හේතුවක් මට නම් තේරෙන්නෙ නෑ. කොයි දවසෙ රාජකාරියට බැදුනත් තමන් එතන ඉදන් පොලිස් නිලධාරියෙක් මිසක් අලුත් පරණ කියලා තමන්ගේ වගකීම් පැහැර හරින්න පුලුවන්ද මනුස්සයෙක්ට.

අහන ප්‍රශ්න වලට සාමකාමීව උත්තර දීලා කොහොම හරි ස්ටේශන් එක ඇතුලට ආපු මගේ ඇස් හොයන රූපෙ නම් පේන්න හිටියෙ නෑ.

"සර්... ගුඩ් ජොබ් සර්.. සෝහුට තව සතියකින් වගේ සිහිය එයි කියලා හොස්පිටල් එකෙන් දන්වලා තිබුණා."

"අරස්සෝ ටේහ්‍යොනා.. එතකොට ඊයෙ ඇරෙස්ට් කරපු අය ගැන මොකද ?"

"චීෆ් ඒ අයගෙන් ප්‍රශ්න කරනවා. සෝහුගේ දෙමව්පියො නම් වැරැද්ද භාර ගෙන තිබ්බා. සෝහු කියන්නේ හදාගන්න ගත්තු ලමයෙක්. බිස්නස් වෙනුවෙන් ඒ ලමයාව විකුණලා තියෙන්නේ."

"ආශ්.... ඒ ගැන විස්තර හොයලා සෝහුට වෙන භාරකාරයෙක් නැත්තන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් ගැන හොයලා බලලා කරන්න කියන්න."

"හරි සර්..."

"ඕහ් ටේහ්‍යොන්.."

යන්න හදපු ටේහ්‍යොන්ව නතර කරගත්තේ හිතේ තියන ප්‍රශ්නෙත් අහලා දානවා කියලා හිතාගෙන.

"ඊයේ චීෆ් මං හිටපු තැන හොයාගත්තෙ කොහොමද ?"

මං අහපු විදිහටද මන්දා හිනාවක් දාගෙන හිස පහත් කරපු ටේහ්‍යොන් නම් මට සෑහීමකට පත් වෙන උත්තරයක් දුන්නෙ නෑ.

"චෙසොහම්නිදා සර්.. මාත් ඒ ගැන නම් දන්නේ නෑ. "

"අරස්සෝ.. අර කාර් ඇක්සිඩන්ට් එකට හොස්පිටල් ඉන්න කෙනාගෙන් කට උත්තරයක් ගන්න තියනවා. දැන් යමුද ?"

•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'•  | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗Where stories live. Discover now