Chapter 08

254 64 29
                                    

එකම රෝහලේ තැන් දෙකක මං වැඩියෙන්ම ආදරේ කරන දෙන්නෙක්ම. යුන්ගිට සිහි නැති වෙලා විනාඩි ගානකින් එයාලා අපිව බේරගත්තා. අත් අතරෙ හිටපු පූස් පැටියටවත් කිසිම කරදරයක් නොවෙන්න දීලා බේරපු එයා ඔක්සිජන් මාස්ක් එකක් දාගෙන ඉද්දි මුලු පපුවම වේදනා දෙනවා.

සිහිය ඇවිල්ලත් තාම වචනයක් වත් කතා නොකරපු ඔම්මා ඇති වුණ කම්පනේ නිසා එහෙම ඉන්නේ කියලයි වෛද්‍යවරු නම් කිව්වේ. ඒ නිසාම එයාට තනියෙන් ඉන්න දීලා මං ආවේ තාමත් සිහිය ආපු නැති යුන්ගි ලගට.

ඒ සුදු අත් තැනින් තැන පිච්චිලා. හිමීට ඒ පිලිස්සුම් උඩින් අත යැව්වේ කිසිම රිදීමක් නොවෙන්න. දෙවෙනි පාරටත් එකම දේට එයා බය වෙන්න ඇති හුගක්. ඒ දිග ඇගිලි අතරෙන් මගේ අත් පටලව ගෙන සිනිදු හිස කෙස් අතරෙ නිදහස් අත ගෙනිච්චේ කියාගන්න බැරි හැගීම් ගොන්නක් එක්ක. තමන් බය දේ දැන දැනම ආයෙ සැරයක් ගින්දර හොයන් යන්න තරම් යුන්ගි මුරණ්ඩු වුණේ ඇයිද කියලා මට තේරෙන්නෙ නෑ.

රිපෝට් එකක් වැරදෙන්නැතුව මට එතනින් එන්න ලැබුනෙ නැත්තන් මං මීටත් වඩා විදවන බව දැනගෙන හිටියා. මං කොයි වෙලේ හරි එයි කියන බලාපොරොත්තුව ඒ ඇස් වල ලියවිලා තිබුනා. ඒත් බැරි බව දැන දැනම ආපහු ගිනි ගොඩටම යන්න තරම් චීෆ් මෝඩ වුණේ මොකද ?

"යාහ් මින් යුන්ගි ! සිහිය ආවම මං අල්ල ගන්නම්. මෝඩයා ..
කුමාවෝ ..
ඔයා නැත්තන් ඔම්මා .... ම්ම්හ්.. දන්නවද දෙයක් ? ඔයා ආයෙ ඇතුලට ගියා කිව්වම මං හොදටම බය වුණා. ආයෙ නම් ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා.
කුමාවෝ හ්‍යොන්ග්.. මන්දුවත් බේරගත්තේ ඔයානේ."

සිහිය ආවාම කියන්න බැරි දේවල් සේරම යුන්ගිගේ කන ලගටම ගිහින් මුමුණව්වේ දැන් පූස් පැටියා වගේ නිදාගෙන හිටියට ඇහැරුණාම ආපහු නපුරු චීෆ් වෙන නිසා.

"මොකද වෙන්නේ මං ආවේ නැත්තන් ආහ් ? ඔයාව ඇතුලෙ පිච්චෙනකන් කට්ටිය බලන් ඉදී. ඔන්න ඇහැරුණාම ඔයාව බේරගත්තේ මං කියලා මතක තියාගන්න හොදද ?
ආහ් .. අනිත් එක එදා මොකක්ද ඒ කරේ ? ඔයත් මට කැමැත්තක් තියනවද ? ඒත් ඒක වෙන්න බෑනේ. ඒ කිස් එක නිසා දවස් කීයක් ඔය මූණ බලන්න බැරි වුණාද මට."

•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'•  | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗Where stories live. Discover now