Chapter 05

206 68 27
                                    

දවසම යුන්ගි ඉස්සරහට නොගිහින් ඉන්න පරිස්සම් වුණ මං ස්ටේශන් එකට වාර්තා නොකරම ගෙදර ආවේ ඒ මලානික ඇස් වල හිත නතර වෙයි කියලා බයට. ආපු ගමන් ඇදට වැටුනේ ඇස් දෙක තදින්ම පියාගෙන අද දවස ගැන අමතක කරන්න උත්සහ කරන ගමන්. වැඩි වෙලාවක් එහෙම ඉන්න නොලැබුණේ පුරු පුරුවක් එක්ක මගේ ඇගේ දැවටුණ මන්දු නිසා.

"ඒයි මන්දු .. අහකට යන්න. මට දැන් ඔයාව හුරතල් කරන්න බෑ."

"ඤාව් .."

ඈත් කරන්න ඈත් කරන්න හුරතල් වෙන්න එන ඩම්ප්ලින් බෝලෙ අතට ගත්තෙ දැන් මෙයාගෙන් ගැලවීමක් නැති නිසා.

"මන්දු යා .. ඇයි මට ඒ ඇස් දෙකම දකින්න ඕනි වෙන්නේ ? ඒ නපුරු පෙනුමට හිත යන්නේ ඇයි ? ඒ ගැඹුරු හඩට මගේ මොලේ එච්චරම ප්‍රතිචාර දෙන්නෙ ඇයි ? ආහ් .. මන්දු යා .. මං ප්‍රශ්නෙක හිර වෙලා. ඔයාට බැරිද මට උත්තර දෙන්න ? "

හිතේ තිබුණ සේරම මන්දුට කිව්වේ එයාට ආපිටට මට උත්තරයක් දෙන්න බැරි නිසා. අත් දෙක මැද්දට වෙලා දගලන පූස් පැට්ටව ඇද උඩින් තියලා එතනම අනිත් පැත්තෙන් මාත් නිදාගත්තේ ටිකක් හරි හිත සැහල්ලු වුණ නිසා.

"චිමී .. ඉරෝනා. "

පාන්දරින්ම ඔම්මා කතා කරනවා ඇහුණත් නින්දට බාධා කරන්නැතුව මං ආයෙමත් පොරවනය තුලට ගුලි වුණා.

"ඔයා එක්ක වැඩ කරන කෙනෙක් ඔයාව හම්බෙන්න ඇවිත් ඉන්නවා. එහෙනම් මං ඒ කොල්ලට කාමරේට එන්න කියන්නම්."

ඔම්මා කියපු දේට නින්ද පැත්තකින් තියලා කෙලින් වුණේ ඇස් දෙකත් ලොකු කරන්.

"අනාව් මගේ මෝචි බෝලෙ .. බලන්නකෝ ඔයා කොච්චර කියුට්ද කියලා නින්දෙන් ඇහැරුණ ගමන්."

මගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලන් මාව විහිලුවකට ගත්තු ඔම්මා ඇවිත් ඉන්න කෙනව කාමරේට ගෙන්නන්න කලින් වොශෲම් එකට ගිහින් නින්දෙන්ම දත් මැදගෙන ලෑස්ති වෙලා එලියට ගියේ ඇවිත් ඉන්නේ ටේහ්‍යොන් වත් ද කියලා හිතන ගමන්.

"සර් .. අහ් ඔයා ලෑස්ති වුණාද ? එහෙනම් අපි යමුද ?"

හිතුවා වගේම ටේහ්‍යොන් ඇවිත් හිටියත් මේ උදේම මාව එක්කන් යන්න ටේහ්‍යොන් ගෙදරටම ආවේ ඇයිද කියලා හිතාගන්න බැරි වුණා.

•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'•  | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗Where stories live. Discover now