"චිම්ට උසස් වීම ලැබුණ එකට ලොකු උත්සවයක් ලෑස්ති කරා කියන්නේ ඇත්තද?"
"ආහ් ඔම්මා කොහොමද...? ආශ් මේ චීෆ් නම්... මං ඔම්මව පුදුම කරන්නනේ හිටියේ. ඔක්කොම ඉවරයි දැන් ඉතින්."
මට ගැන්ග්නම් වලින් සෝල් වලට උසස් වීමක් එක්කම මාරුවක් ලැබුණ එක ගැන සතුටක් තිබුණා වුණත් හිතේ එක තැනක තිබුණේ කියාගන්න අමාරු වේදනාවක්. ඒත් හිතුවට වඩා හොද විදිහට මගේ හිනෙ ටිකෙන් ටික ලං වෙන එක ගැන මං ගැනම දැනුනෙ ආඩම්බරයක්. සෝල් පොලිස් ස්ථානයේ වැඩ බලන නිලදාරියා විදිහට මට ලැබුණ උසස් වීම තමයි ඒ හීනෙට යන්න පලවෙනි අඩිතාලම.
එතකොට ඔම්මා මේ කිව්වේ ඒක වෙනුවෙන් ලෑස්ති කරපු උත්සවයක් ගැන.
"ඔම්මා මේ සෙනසුරාදා තමයි උත්සවේ තියෙන්නේ. එතකොට ලබන මාසේ පලවෙනිදා මං සෝල් වලට යන්නේ."
ඒවත් චීෆ් කියන්න ඇති කියලා දැනගෙන වුණත් මං ඔම්මට පැහැදිලි කරේ අවදානමක් ගන්න බැරි නිසා. චීෆ් මේ වෙද්දි ආයෙමත් වැඩ පටන් අරන් තිබුණ නිසා ගෙදර හිටියෙ මායි ඔම්මයි විතරයි.
"ඔම්මා මාත් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න."
ඔම්මගෙන් සමු අරන් එලියට එද්දිම ටේහ්‍යොන් වාහනේ අරන් මං එනකන් හිටිය නිසා ගැන්ග්නම් එන්න තනිකමක් තිබුණෙ නෑ. ඒත් මේ දවස් ටිකේම මගේ හිතේ තිබුණෙ අමුතුම දෙයක්. චීෆ් කිව්වා එයා පිරිමින්ට කැමති නෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ එයාට මං එක්ක ඉන්න එක ජීවිතේට කරන්න බැරි දෙයක් කියලද?
"සර්.. චීෆ් පාර්ක්.. ඒයි ජීමිනෝඕඕ..."
ටේහ්‍යොන් මගේ කන ලඟ කෑ ගහනකන් මං හිටියේ හීන ලෝකෙක හිර වෙලා.
"අහ් දේ..."
"සෙනසුරාදා පාටි එකේ මේන් කැරැක්ටර් එක ඔයා නිසා චීෆ් මින් ඔයාගේ ඩ්‍රෙස් එක ඩිසයින් කරලා තිබුණා. මං හිතන්නේ ප්‍රසිද්ධ කම්පැණි එකක ඩිසයිනර් කෙනෙක් ඒ. අපි දෙන්නා දැන් ස්ටේශන් එකට යන්න කලින් එතන ඉන්න ඕනි."
ටේහ්‍යොන් හිමින් සීරුවේ කිව්වේ හොරෙක් වගේ මං දිහා නොබලා තනි අතෙන් ස්ටීරින් වීල් එක හරවන ගමන්.
YOU ARE READING
•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'• | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗
Fanfiction"ගින්දර වලටත් වඩා දේකට දැන් මං බයයි ජීමින්. ඔයා දන්නවද මේ ලෝකෙ මැරෙනවටත් වඩා බය දේ මොකක්ද කියලා. තමන් ආදරේ කරන අය තමන්ට නැති වෙයි කියලා දැනෙන බය ඔය හැමදේටම වඩා වැඩි ජීමින්.." Published date :- 2022.02.24