💧Misha💧 pt:1

700 141 49
                                    

Kiya's pov

ටේහ්‍යුන්..මගෙ නලලින් හාද්දක් තිබ්බම මාව තියට එකට අරගෙන ගියේ මන් වේදනාවෙන් කෑගහන්න ගද්දිම....

ලොකු ලයිට්ස් වගේකින් මගෙ ඇස් නිලන්කාර වෙද්දි...මාව සිහිය නැති කරන්න ඉන්ජෙක්ෂන් එකක් විද්දා..ඒ කියන්නේ මගෙ තත්ත්වය භයානකයි ...අනේ දෙයියනේ මගෙ ප්‍රින්සස්ට මොකුත් වෙන්න දෙන්න එපා චෙබල්....

ටිකකින් මගෙ ඇස් අගින් බේරුනු කදුලු බින්දුව එක්ක...මගෙ ලෝකෙම අදුරෙ ගිලුනා...

.
.
.
.

මන් උන්නෙ මගෙ නිසල සිරුර දිහා බලාගෙන...ම..මන් ඒ කියන්නේ ...මැරිල...එහෙම නේ....

චූටි ..චූටි රෝසමලක් වගේ පුලුන් ගොඩක්...ම..මගෙ පැටියා ...අල්ලන්න ආස හිතුනත්..මගෙ පපුවට තුරුලු කරගන්න හිතුනත්...ඒ..ඒක හීනයක් ම විතරයි ...එයාව නර්ස්ලා අරන් යද්දි...

මන් නැවතුනා...ඩොක්ටර්ස්ලා මන් අතෑරිය ගිය ශරීරෙට පන දෙන්න හදනවා...මන් ඒ දිහා මොහොතක් බලන් ඉදලා යන්න ගියත්..මන් දැක්කෙ තියට එක දිහාම බලන්..ඉන්න ටේහ්‍යුන්ව ...

එයා හොඳටම අඩනවා...සනසන්නවත් කෙනෙක් ලග නෑ...ඒ රූපෙ දිහාට ගිහින් අල්ලන්න හැදුවත් මට ඒක කරන්න බෑ...

කොච්චර හදවතට තරවටු කරලා තහංචි දැම්මත් ඔය ආදරේ ඉස්සර මන් හැමදාම අසරණ උනා

මගෙ චූටි රෝසමලව ටේහ්‍යුන් පන වගේ බලාගනී...

මන් ටේහ්‍යුන්ගෙ දිහාට ඇස් යවලා...මොහොතකින් දැක්ක දේ නිසා මන් එක තැන ගල් ගැහුනා....

මීෂා...ඒ මීෂා...සුදු ගවුමක් ඇදලා..සුරංගනාවියක් වගේ...

ලස්සන හිනාවකින් මට සංග්‍රහ කරපු මීෂා හිමින්ම ආවේ මගෙ ලගට....

ම්..මීෂා

ගුමාවෝ...

ම්වෝ..???

ගුමාවෝ කියා...හැමදේටම...මන් වෙනුවෙන් ඔයාගෙ ආදරේ අතෑරියට...මන් වෙනුවෙන් මගෙ දරුවට උනුහුම දුන්නට...මන් වෙනුවෙන් මගෙ දරුවට කිරි දුන්නට...

මීෂා....

අනී...කියා...ඔයාට වරද පටව ගන්න එපා...ම්ම්..ටේහ්‍යුන් එයා ආදරේ කලේ ඔයාටම විතරයි ...මට තිබුනා පාඩුවෙ ජීවත් වෙන්න එහෙනම්..හුගක් දේවල් වෙනස් වෙන්න තිබුනා...

මීෂා අහන්..න

ඉන්න කියා...මට මේ අවස්ථාව හම්බුනේ ඔයා එක්ක කතාකරන්න...ඒක නිසා අහන් ඉන්න කියා...

මීෂා අහිංසක විදිහට හිනාවෙලා කිව්වම මන් ඔලුව වැනුවා...එයා මගෙ අතින් අල්ලගත්තා ...ඒත් එක්කම අපි දෙන්නම උන්නෙ ටේහ්‍යුන්ගෙ මැන්ෂන් එක ඉස්සරහ...මීෂා මගෙ අතින් අල්ලගෙනම ඇතුලට ගියා....ටේහ්‍යුන්ගෙ ඔෆිස් රූම් එකට ගිහින් පොත් රාක්කෙ තුලින් අපි වෙනම කාමරේකට ගියා...රහස් කාමරයක්...

ඒත්...දැක්ක දේවල් නිසා මට කරකියා ගන්න දෙයක් නැති උනා....

හැමතැනම ...හැමතැනම ...මගෙ ෆොටෝස්....මගෙ...ඇදුම්...මන් පාවිච්චි කරපු හැමදේම...මන් ටේහ්‍යුන්ගෙ ගෙදර දාලා ආපු හැමදේම....

මාව ඇදලා...ලස්සන ම ලස්සන චිත්‍රයක්...බිත්තිය තරම්ම ලොකුයි...මගෙ පොඩි කාලෙ ෆොටෝස්...ටේහ්‍යුන්ගෙයි මගෙයි වෙඩින් ෆොටෝස්...අපි එකට ගත්තු ෆොටෝස්....

ම්...මන් ...මන් හැමතැනම ..

කුකී එක්ක ඉදපු ඒවා පවා...

පේනවද කියා...ඔයා එයාව අතෑරලා දාලා ගිය දවසෙ ඉදන් එයා දුරින් උන්නත් ඔයා කන බොන දේ ඉදලා ටේහ්‍යුන් දැනන් උන්නා...ඔයා ජන්කුක්ව බැදපු දවසෙ

ඒ..ඒක fake marriage එකක්...

මීෂා මොහොතකට ගොලු උනා..කාටත් නොකියපු රහස..ජන්කුක්ගෙයි මගෙයි කසාදෙ නිකන් කොලයක් විතරයි ...ඒක බොරුවක්....

මන් දන්නෙ නෑ කියා ඔයායි ජන්කුක් අතරෙ මොකද උනේ කියලා ඒත්...ඒ අතරෙ ටේහ්‍යුන් හැසිරුනු විදිහ...එදා ඒ වෙඩින් එක දවසෙ ටේහ්‍යුන් එයත්...ගිහින් තිබුනා

ම්වෝ...

දේ..කියා...එයා ගිහින් ඇවිත් පිස්සුවෙන් වගේ හැසිරුනේ...ගෙදර හැම බඩුවක්ම පොලේ ගැහුවා...මන් මුලු දවසෙම හිටියෙ රූම් එකට වෙලා දොර ලොක් කරගෙන..ඒ තරම් එයාගෙ හැසිරීමට මන් බය උනා....

To be continued ...

<< Remember me Baby💕 >>k.th✔️Where stories live. Discover now