Part 02...🥀

145 47 14
                                    


twenty years later..

"පුතා කොහෙද යන්න යන්නෙ ම්ම්ම්.... දැන් හවස් වෙලානෙ "

හොදින් ඇද පැලදගෙන පහලට ආව කුකීගෙන් එයාගෙ අම්ම එහෙම ඇහුවේ මේ හවස් වෙලා වෙනදට කුකී කොහෙවත් නොයන නිසා.

" අම්මා මම ටේලගෙ ගෙදර යනවා. පාඩම් වගයක් අහගන්න. ඉවර වෙද්දි රෑ උනොත් අද එහෙ නවතිනවා. කමක් නෑ නේද.."

අම්මගෙ පිටිපස්සට ගිහින් එයාගෙ උරහිස උඩින් ඔලුව තියාගත්ත කුකී එහෙම ඇහුවේ එයාගෙ අත් අම්මගෙ ඉනවටේ ඔතාගෙන බදාගන්න ගමන්.

" ආහ් ඉලන්දාරියා එහෙද යන්නේ. හරි හරි කමක් නෑ. මෙච්චර ලස්සනට ඇදගෙන යන්න හදනකොට මම හිතුව කෙල්ලෙක් බලන්නවත් යනව ඇති කියල."

හිමීට පිටිපස්ස හැරුන කුකීගෙ අම්මා කුකීගෙ කම්මුලක් මිරිකන ගමන් කිව්වම කුකීගෙ මූන රතු උනා.

" යාහ් අම්මා .... ඇයි අම්මට දැම්මම ලේලියක් ඕනෙ වෙලාද.. ඕනි නම් කියන්න දන්නවනෙ අම්මගෙ පුතා දස්සය කියලා..."

කොලර් එකත් උස්සන ගමන් එහෙම කියපු කුකී අම්මට හාදුවකුත් දීලා බෑග් එකයි කාර් එකේ යතුරයි අතට අරගෙන එලියට දිව්වා.

" මේ කොල්ලා නම්.... පරිස්සමින් පුතේ දුවන්න එපා . අවුරුදු 24ක් උනාට තාම 4යි වගේ . කවදා හැදෙයිද මංදා.."

හිනා වෙවීම කුකී දුවන දිහා බලන් හිටපු කුකීගෙ අම්මා එකපාට්ට ගැස්සුනේ එයාගෙ ඉනවටේ අතක් දැවටෙනව දැනෙද්දි.

" මොනාද පුතා කියන්නේ.."

එහෙම අහනගමන් මිසිස් මෙලී ගේ ඉන වටේ අත් යවපු කුකීගෙ තාත්තා ජීයූන් කුකී ගේට්ටුවෙන් කාර් එක එලියට දාන දිහා බැලුවා.

" පිස්සු කොල්ලෙක්නෙ ඉතින් කිව්වොත් කියන්නෙ පිස්සු කතාවක්ම තමයි."

එහෙම කියපු මෙලී ජීයූන් දිහා බැලුවා.

"පුතා හැමදාමත් අපි එක්ක සතුටින් ඉදී නේද මෙලී. කවදහරි දවසක එයා ඇත්ත දැනගත්තොත් එයාගෙ ඇත්ත අම්මයි තාත්තායි අපි නෙවෙයි කියල එදඅට අපේ කොල්ලා අපිට වයිර කරයිද මෙලී...?"

මෙලීට එයාගෙ සැමියගෙ වේදනා බර කට හඩ ඇහුනම එයා ජීයූන්ගේ මූන දෝතට ගත්තා.

hyung... 🥀 [completed]Where stories live. Discover now