Part 03...🥀

149 48 22
                                    


උදේ නැගිටලා සෝෆා එක උඩ ඉදම්ම හිරි ඇරපු ටේ ඇද දිහා බැලුවේ ඊයෙ රෑ එයාට එයාගෙම ගෙදර පුටුවක නිදාගන්න සලස්සපු කුකී මහත්තයා තාමත් සැපට නිදිද බලන්න​.

"හෑ මේ යකා කෝ.."

ඇද ලගට ගියපු එයා දැක්කේ හොදට අස් කරල පිලිවෙලකට තියෙන හිස් ඇඳ විතරයි.

"මේ යකා උදේම නැගිටලා ගෙදර ගියාවද්ද​.."

ඔලුවත් ගස ගස ඇස් දෙකත් පිහදගෙන ලොකූ ඈනුමක් ඇරපු ටේ මූනවත් හෝදන්නෙ නැතුව පල්ලෙහාට ගියේ කුකී පහලවත් ඉන්නවද බලන්න​.

" අම්මා අර හා මහත්තයා කාමරේ නෑනෙ .. ඒකා කොහාට හරි පැන පැන යනව එහෙම අම්ම දැක්කද​"

පඩිපෙල බැහැගෙන පහලට ගියපු ටේ එයාගෙ අම්මගෙන් ඇහුවේ නිදිමත පිරුන ඇස් දෙකත් අතින් පිහද පිහද​.

" කූකී කොල්ලද​.. අන්න උදේම ගියා එයා. ඔයා නිදි නිසා ඇහැරෙව්වෙ නෑ කිව්වා."

ටේගෙ අම්මා කුස්සියේ ඉදම්ම උත්තර දුන්නේ හිනා වෙවී.

" මූ යකෝව්. නිකමට යනව කියල කියන්න බැරිද මුට​."

කුකීටත් බැන බැන ආපහු කාමරේට යන්න හැරුන ටේ ආයෙත් අම්ම දිහා බැලුවේ එයා මොනාද කියපු නිසා.

" අහ් තව එකක් .. කුකී පුතා ඔයාට ස්තූති කියන්න කිව්වා. "

ඒක අහපු ටේගෙ ඇස් දෙක ටීක් බෝල වගේ උනා.

" හෑ ඒ යකා මට තෑන්ක්ස් කරා... හෑ .. අම්ම අද වහීවද්ද අම්මා... ඒත් මූ මොකටද​ මට තෑන්ක්ස් කරන්නෙ මුට ඔල්මාදෙද​.."

ටේගෙ කතාව ඇහිලා හිනා උන එයාගෙ අම්මා ආයෙමත් ටේගෙ පැත්ත හැරුනා.

" ඒක නම් දන්නෙ නෑ . හැබැයි කොල්ල ගියේ නම් මොනාදෝ තොගයක් බෑග් එක අස්සට දාගෙන​.."

ඒක ඇහුන ගමන් උඩ බිම බලපු ටේ ටික වෙලාවක් සයිලන්ස් උනා.

" ඒ මොනාද​.... 🤔

😳මොකාක්......නෑ නෑ ඒක නම් වෙන්න එපා...... මගේ ස්නැක් ටික අනේ......."

යටි ගිරියෙන් බෙරිහන් දීගෙන උඩට දුවන ටේ දිහා බලන් හිටපු ටේගෙ අම්මා හයියෙන් හිනා උනේ කොල්ලො දෙන්නගෙ වැඩ නිසා.

hyung... 🥀 [completed]Où les histoires vivent. Découvrez maintenant