Part 13...đŸĨ€END

197 43 38
                                    

plot twist..

" අම්මෝ හියුන්... ඒ ෆිල්ම් එක නම් දරාගන්න බෑ හියුන්. මේ බලන්න මම හොදටම අඩනවා..."

ජිමින්ගේ එහාපැත්තේ ඉදන් කොල වගයක් දිහා බල බල හිටුපු කුකී ජිමින් දිහාට හැරුනේ ඇස් වලින් බේරෙන කදුලු ජිමින්ට පෙන්නන්න​.

"ඔව් ඒක හරිම දුක හිතෙන කතාවක්.." ජිමිනුත් එයාගෙ ඇස් වලින් ගලන කදුලු පිහදාන ගමන් කුකීට කිව්වා.

"හායි ලමායි වට් ආ යූ ඩුයින්. කියෙව්ව නේද මගේ ස්ක්‍රිප්ට් එක​...හේ හේ..."

ඒත් එක්කම ටේ දොරත් ඇරන් එයාගෙ ගෙදර වගේ ජීකූක් බ්‍රදර්ස්ලගෙ ගෙදට්ට ඇතුලු උනා. 

"ස්ක්‍රිප්ට් එක තමයි යකෝ උබට නිකමටවත් හිතුනෙ කොහොමද ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් ලියන්න​. මේ අහිංසක අපි දෙන්නා දිහා බලාන​.උබ එහෙනම් කතාවකින් හරි අපිව මැරුවා නේ. අන්තිමට උබ වීරයා."

කදුලුත් පිහද පිහද කුකී යටි ගිරියෙන් බෙරිහන් දුන්නේ හිතින් එයාගෙ යාලුවාගෙ දක්ශකම අගයන ගමන්.

"යාහූ.. මම තමයි වීරයා.ඕ යෑස් මම තමයි හොදටම කලේ. සර්පායිස් නේ. හම්මෝ දෙන්නම හොටු පෙරාන අඩලා. යකෝ ස්ක්‍රිප්ට් එකට උබල දෙන්නා ඔහොම ඇඩුව නම් ඕක රගපාලා ෆිල්ම් එක හැදුවම මිනිස්සු කොහොම අඩයිද​..ඔව් මට පේනවා මම හොදම ෆිල්ම් එකට​ හිමි සම්මානය දිනා ගන්නවා."

ටේ අතින් පයින් ඇක්ශන් දදා කියනකොට ජීකූක් දෙන්නටත් හොදටම හිනා.

ඔව් ජීකූක් දෙන්නා මෙච්චර වෙලා ටේ විසින් නිර්මානය කරපු එයාගෙ අලුත්ම ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක බල බලයි හිටියේ . ජිමින්ගෙයි කුකීගෙයි නම් යොදාගෙන ලියපු ඒ කතාව ටේ ජීකූක් දෙන්නටම කියවන්න දුන්නේ ඒ ෆිල්ම් එකට ගන්න ප්‍රදාන නලුවො දෙන්නත් ඒ දෙන්නා නිසා.

ජිමින් , ජන්කූක් කියන්නේ එක කුස උපන් සහෝදරයෝ දෙන්නෙක්. ජිමින් තමංගේ පනටත් වඩා එයාගෙ මේ හාවෙක් වගේ හුරතල් මල්ලි බබාට ආදරේ කලා.

බබා කිව්වට ඕකා මහා නසරානියා. ඒ වගේම මේ දෙන්නම දකුනු කොරියාවෙම ප්‍රසිද්ද නලුවෝ දෙන්නෙක්.

hyung... đŸĨ€ [completed]Opowieści tętniące Åŧyciem. Odkryj je teraz