වෙලාව ඉක්මනටම ගෙවිල ගියා. දැන් රෑ එකොලහ වෙන්නත් ලගයි.
ගෙදර හැමෝම තද නින්දෙ ඒත් එක්කෙනෙක් හැර .
ඔව් ඒ ජිමින්. එයා ජනේලෙ ලගට වෙලා ඈත පේන සෝල් නගරය දිහා බලන් හිටියා.
හුලගට මූනට ආපු කෙස් රොද හිමීට අතින් කන පිටිපස්සට දාපු එයා නිහඩම සුසුමක් හෙලුවා.
සෝල් ...වෙන අයට සෝල් කිව්වම ලස්සන දේවල් මතක් උනාට ජිමින්ට නම් සෝල් කියන්නෙ අපායක් .ජීවිතේ කිසිම දවසක ආදරය කියල දේ නොලබන්න අවාසනාවන්ත උන එයාට ඇත්තටම ආදරේ කියන්න දේ දැනුනේ මේ ටික දවසේ.
අවුරුදු ගානක් පුරාවට දහ දුක් විද විද ජීවත් උන ජිමින්ට මේ එකපාර ලැබුන ලස්සන ජීවිතේ දාල යන්න හිතුනෙ නෑ.
ඒත් එයා හිත හදාගත්තා. එයාගෙම ආරදනීය මල්ලිගෙ සතුට වෙනුවෙන් එයා තීරනයකලා මේ ලැබුන ජීවිතේ අතෑරලා ආයෙමත් පරන ජීවිතේට යන්න.
ජිමින් දැන් ලොකුයි . එයා විස්වාස කලා මේ පාර නම් එයාට වරදින එකක් නෑ කියලා. කොහොමහරි රස්සාවක් හොයාගෙන ඈතකට ගිහිල්ල ජීවත් වෙන්න එයා හිත හදාගත්තා.
"ජිමින් ඔයා ලෑස්තිද.."
ජිමින්ගේ කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු ජීයූන් ජිමින් දිහා බලාගෙනම ඇහුවා.
ඔව් ජිමින් මේ ලෑස්ති මේ ගෙදර දාල යන්න. ඒත් එයා මේ ගැන මෙලීටවත් කුකීටවත් ටේටවත් කිව්වෙ නෑ. මොකද එයාල එයාට යන්න නොදෙන බව ජිමින් දැනන් හිටියා.
ඒත් ජිමින් මේ දේ ගැන ජීයූන්ට කිව්වම එයා හරිම කැමැත්තෙන් ජිමින්ට උදව් කරන්න ඉදිරිපත් උනා.
වෙන මොකටවත් නෙවෙයි එයාගෙම ගෙදරින් ජිමින්ව අනිත් අයට නොදැනෙන්න පන්නන්නයි එයා උදව් කලේ.
ජීයූන් කියන්නෙ හරිම තේරුම්ගන්න බැරි චරිතයක්. ජිමින් ගෙදරට ආපු දවසෙ ඉදන් ජීයූන්ට ජිමින්ව පෙනුනේ එයාලගෙ කුකීව උදුරගන්න ආව යක්ශයෙක් වගේ.
ඒ වගේම ජීයූන් තමන්ගේ පව්ලට පිස්සෙක් වගේ ආදරේ කලා. පවුලෙ සතුට නැති කරන්න හදන ඕනෙම කෙනෙක්ව එයා මරල දාන්න උනත් සූදානම්.
STAI LEGGENDO
hyung... 🥀 [completed]
Fanfictionඅපිට කොච්චර ආදරේ කරන්න අය හිටියත් තමංගෙ සහෝදරයගෙන් ලැබෙන ආදරේ අපිට දෙන්න වෙන කාටවත්ම බෑ..💫🌸 එහෙම නේද....? this is not a bl story brotherhood jikook....🥀 start 2022.03.12 - end 2022.03.20💙