Part 12...🥀

149 39 18
                                    

අහස හොදටම කලු වෙලා.ලොකූ වැස්සක් අතලගම වගේ.

එකපාට්ටම සැර සුලගක් හමං ගියේ කුකීගෙ ඔලුවේ තිබුන තොප්පිය බිමට දාන ගමන්.

කුකීගෙ ඉස්සරහ තිබුන රොබරෝසියා ගහේ අතු ඒ හුලගට හෙල උනේ රෝස පාට මල් වැස්සක් පහලට වට්ටන ගමන්.

වැහි පොද එක එක බිමට වැටෙද්දි සොහොනේ රොබරෝසියා ගහ යට රැස් වෙලා හිටපු මිනිස්සු එක එක්කෙනා එතනින් එලියට ගියා. හැමෝගෙම මූනවල්වල කණගාටුව , දුක පිරිල තිබුනා.

"කුකී එන්න අපි දැන් යමු. නැත්තම් ඔයා වැස්සට තෙමෙයි කුකී."

ගහ යට තිබුන පස් ගොඩැල්ල දිහා බලාගෙන ඉන්න කුකීගෙ උරහිසට අත තිබ්බ ටේ එහෙම කිව්වා.

ඒත් කුකීට නම් එතනින් යන්න කිසිම උවමනාවක් නැති පාටයි.

"ඔයා යන්න ටේ මම තව ටිකකින් එන්නම්"

ආයාසෙන් මූනට නගාගත්තු හිනාවකින්ම ටේට එහෙම කිව්ව කුකීගෙ ඇස් අඩල අඩලම ඉදිමිලා තිබුනා.එයාට තවත් අඩන්න කදුලු ඉතිරි වෙලා තිබුනෙ නෑ.

කුකී කොච්චර යන්න කිව්වත් ටේ කුකී ගාවින් හෙල උනේවත් නෑ.

එකපාට්ටම ඇද හැලුන හුලං වැස්ස දෙන්නවම නාවද්දී කුකීගෙ ඔලුව බිමට පාත් උනේ එක අතකින් එයාගෙ පපුව අල්ල ගනිද්දී.

"හියුන්..... මට ආයෙ කවදාවත් හියුන්ගේ කටින් කුකී කියල කියනවා අහන්න වෙන්නෙ නැද්ද හියුන්. හියුන්ට තුරුල් වෙලා සෙල්ලම් කරන්න ලැබෙන්නෙ නැද්ද හියුන්.

හුලගක් වගේ මං ලගට ආපු ඔයා කුනාටුවක් වගේ ආපහු ගියේ ඇයි හියුන්. මේ මල්ලිව තනි කරල කොහොමද ඔයා යන්න හිත හදාගත්තේ හියුන්...."

කුකී අඩනවා ද​..

ඔව් කුකී ආයෙමත් අඩනවා.ඒත් කුකීගෙ ඇහින් කදුලු වැටුනෙ නම් නෑ.

සමහර විට වැටුන කදුලු වැහි වතුර එක්කම බොදවෙලා යන්න ඇති. දුකින් පිරුන හිත් වලට වැස්ස ආශිර්වාදයක් කියන්නේ මේ නිසා වෙන්න ඇති.

"ඔයාට මෙහෙම උනේ මම නිසාද හියුන්. මම කොහොමද හියුන් දැන් සතුටින් ජීවත් වෙන්නෙ. කොහොමද මාව හදාගත්ත අම්මටයි තාත්තටයි සමාව දෙන්නෙ. ඔයාම කියන්න හියුන් ම​..මම කොහොමද ඒක කරන්නේ. මට ඔයාව නැති උනේ එයාල නිසා නේද හියුන්.....හියුන් මට කියන්න හියුන්. ආයෙමත් එන්නකෝ.

hyung... 🥀 [completed]Waar verhalen tot leven komen. Ontdek het nu