Part 06...🥀

125 42 9
                                    


පහුවදා කුකීට අනූව උදේ පාන්දර දහයට නැගිටපු එයා පල්ලෙහාට ආවේ බෙල්ලත් අතගගා ඒක හතර අතේ නවන ගමන්.

පඩිපෙල බැහැගෙන එන කුකී දැක්කම ඊට පැය දෙක්කට කලින් ඇහැරුන ටේ ට හිනා ගියේ පොර ඊයෙ දෙතුන්පාරක්ම සෝෆා එකෙන් බිමට වැටුන විදිහ මතක් වෙලා.

කුකීත් ටේට රවාගෙනම මේසෙ ලගින් වාඩි උනේ හැමෝම උදේ කෑම ගන්න එතන හිටපු නිසා.

අද නිවාඩු දවසක් නිසා මෙලීත් ටිකක් වැඩිපුර නිදාගත්තා​. ඉතින් එයාලා බ්‍රෙක්ෆස්ට් එක ගන්න පරක්කු උනේ ඒ නිසයි.

ප්ලේට් එකක් අතට ගත්ත කුකී ඒකට පෑන් කේක් තුනක් දාගත්තේ පිහියයි ගෑරුප්පුවයිත් අතට ගන්න ගමන්.

ඒත් එක්කම චොක්ලට් සිරප් දාල තිබ්බ බෝතලේ අතට ගන්න යනකොටම ටේ ඒක එයාගෙ අතට ගත්තේ කුකී රවාගෙනම ටේ දිහා පුදුමෙන් බලද්දි.

" අමුත්තන්ට සලකන්න එපැයි කුකී.."

එහෙම කියපු ටේ බොරුවටත් එක්ක බෝතලේට තට්ටු දදා ඒක වනන්න ගත්තා.

ඒක ඇහුන ගමන් කුකීගෙ ඇස් රෝල් වෙලා කට ඇරිලා බෙල්ල පිටිපස්සට නැවුනේ ඉයේ රෑ මතක් වෙලා.


last night..

"මට ඇද දීපාන්..."

යටිගිරියෙන් බෙරිහන් දීගෙන ආව ටේ කාමරේට ආව ගමන්ම බාත්‍ රූම් එකට රිංගගත්තේ කුකී ඇස් දෙකත් ලොකු කරන් ටේ ඒ කොහෙද ගියේ කියල බලන් ඉද්දි.

"යකෝව් ඇඳ ඕනි නම් මෙතනට එන්න එපැයි . මේ යකා මොකටද බාත් රූම් එක අස්සට රිංගුවේ."

කුකී එහෙම හිත හිත ටික වෙලාවක් ඉදිද්දී වොශ් එක්කුත් දාගෙනම ටේ එලියට ආවා.

" හරි කොල්ලෝ උබත් වොශ් එකක් දාන් වරෙන් . ගුබ්බායි.."

එහෙම කියපු ටේ කාමරෙන් එලියට ගියේ අතේ තිබ්බ ටවල් එකත් වන වන.

මුට මොකක් වෙලාද බැල්මකින් ටේ දිහා බලන් හිටපු කුකීත් බාත් රූම් එකට ගියේ වොශ් එකක් දාන් එන්න​.

මේ අතරේ කුකී එන්න පැය බාගයක්වත් යනවා කියල දන්න ටේ හරියටම පැය බාගෙකින් කාමරේ ඇතුලට එනකොටත් තාම කුකී ඇග හෝදනවා.

hyung... 🥀 [completed]Où les histoires vivent. Découvrez maintenant