Part 08...đŸĨ€

126 44 24
                                    


පහුවදා උදේම ටේයි කුකීයි ලෑස්ති උනේ යුනි යන්න​. මොකද එදා නම් නිවාඩු දවසක් නෙවෙයි. ඒ වගේම සාමන්‍ය දවසකුත් නෙවෙයි.

කුකීටයි ටේ ටයි අනූව කරුමේ කියන දවස තමයි අද​.

ඔව් ඔයාල හිතන දේ තමයි අද එයාලට එක්සෑම් එකක් තියෙනවා.

කුකීයි ටේයි හොදම ගොන් පොරවල් වගේ හිටියට දෙන්නම හොදම ලකුනු ගන්න ලිස්ට් එකේ හැමදාම උඩින් හිටියා.

කොච්චර විකාර නැටුවත් ඒ දෙන්නා එයාලගෙ ඒ වැඩ ටිකත් ගානට කරගෙන ගියා.

අදත් දෙන්නම බෙරිහන් දීගෙනම හෝල් එකට ආවේ ඕන්න ඔහෙ ඕන එකක් ලියල යනව කියලා හිතාන​.

" ඒයි කිරිතේ මේ අහපංකෝ. අද මේ මගුල ඉවර වෙලා අපි ජිමිනවත් එක්කම් ක්ලබ් එක පැත්තෙ යමුද​.?"

ටේට පිටිපස්සෙන් ඇවිදන් ආපු කුකී ටේගෙ කරට අතකුත් දාන ගමන් ඇහුවේ මූනත් මොකදෝ කරගෙන​.

"ඒ මොකද එක පාට්ටම​. අනික මොකද්ද උබ කිව්වේ රට හාවෝ. "

" හී.... උබට ඉතින් නම් කීයක් නම් තියේද කොටි වලහෝ..."

දත් තිස් දෙකම එලියට දාල හිනා උන කුකී එහෙම කිව්වම ටේ

"යැයි යැයි තමයි " කිව්වේ කුකීට රවන ගමන්.

"ඒක නෙවෙයි අහපංකෝ. ජිමින් හියුන් පව් බං . උබ දන්නවද එයාට මල්ලියෙක් ඉන්නවලු.ඒත් මෙයා කැමති නෑ මල්ලි ලගට යන්න . මල්ලිට වදයක් වෙයි කියලා. මල්ලිගෙ ජීවිතේ ආපහු පරන තත්වෙට වැටෙයි කියලා.

ඇත්තටම එහෙම වෙයිද බං . නෑ නේද ..? "

කුකීගෙ කතාව ඇහුවම ටේගෙ ඇස් උඩගියා.

"කුකී... මම උබෙන් දෙයක් අහන්නද​..?"

"අහන්න ටේ..මොකද්ද​.?"

මේසෙ උඩින් බෑග් එක තියලා පුටුව ටේගෙ පැත්තට හරවලා කොන්ද තියන පැත්තට ඔලුව දාගෙන වාඩි උන කුකී ඇහුවා.

" දැන් උබේ අම්මයි තාත්තයි ඇත්තටම උබේ අම්මයි තාත්තයි නොවුනොත් . උබ පොඩි කාලෙ උබේ හියුන් ගෙන් උබව අරගෙන හදාගත්ත අය උනොත්.පස්සෙ කාලෙක උබට ඒ හියුන්ව හම්බුනොත් උබ අම්මලාට වයිර කරනවද ..?"

hyung... đŸĨ€ [completed]Unde poveștirile trăiesc. Descoperă acum