" හියුන්... උයා කොයිද ඔය යන්නේ.. ඕම ඉන්න මත උයා තලම් දුවන්න බෑනි... හිමින් යන්නකො හියුන්ගී... "
" ඔයා ඔහොම ඉන්න කුකී හියුන් ඉක්මනටම එනවා . මෙන්න මෙතන ඉදගෙන ඉන්න හොදද. දුවන්නෙ එහෙම නෑ කොහෙවත් "
තමංගෙ පස්සෙන්ම දුවන් ආව එයාගෙ චූටි මල්ලියාව පාක් එකේ තිබ්බ බංකුවක් උඩින් ඉන්දවපු ජිමින් මල්ලියගෙ ඔලුවත් අත ගාලා පහලට නැවිලා ඒ චූටි නලලින් හාදුවක් තිබ්බේ හරිම ආදරෙන්.
"ඉක්කමටම එනව නේද හියුන් ..නැත්තම් කුකී බබා බය වෙයි."
කුකීගෙ චූටි කටහඩ ඇහුනම ජිමින් ඔලුව වැනුවේ එයාට කට ඇරල ඔව් කියන්න තරම් හයියක් නොතිබ්බ නිසා.
එලියට පනින්න දගලන ඉකිය පාලනේ කරගත්ත ජිමින් හිමීට එතනින් යන්න ආවේ ආයෙත් සැරයක් කුකීගෙ චූටි මූන දිහා ආදරෙන් බලලා.
"හියුන්ගී.... ඕම ඉන්නකූ.. ආ මේක අලන් යන්න. එතෝට උයාට ඉක්කමටම එන්න වෙනවනි. කුකී බබාට මෙයා නැතුව ගොදක් වෙලා නම් ඉන්න බෑ . ඒ නිසා ඉක්කමටම එන්න ඕනි..."
කුකීට පිටුපාලා යන්න සැරසුන ජිමින් ආයෙමත් කුකී දිහා බැලුවේ කුකී එයාට කතා කරපු නිසා.
චූටි කැරට් අලයක් හැඩේට තිබුනු කුකීගෙ එකම ටෙඩියා ජිමින් දිහාට දික් කරගෙන චූටි ඇස් දෙකත් බෝල කරගෙන කුකී ජිමින්ගෙ දිහා බලාගෙන හිටියා.
ජිමිනට තේරුනා දැන් නම් එයාට එයාව පාලනේ කරගන්න බෑ කියලා.
හීනි ඉකියක් පිටකරපු එයා කුකී ලගින් දන තියලා වාඩි උනේ ඇස් දෙකෙන් පැන්න කදුලු කුකීට හොරාම පිහදාගෙන.
" ඕක ඔයා තියාගන්න කුකී බබෝ. ඒත් හියුන් ඉක්මනටම එනවා. ඔයා බය නොවී ඔහොම්මම ඉන්නකො ම්ම්.... හොද බබා වගේ.."
කැරට් ටෙඩියව ආයෙමත් කුකීගෙ ලගට ලං කරපු ජිමින් ඉක්මනටම අහක බලාගෙන නැගිට්ටේ ආයෙමත් කදුලක් එයාගෙ ඇස් දෙකෙන් එලියට පනින්න යන්නෙ කියල දැනුන නිසා.
" බෑ බෑ හියුන් මේක අරගෙනම යන්නෝනි. කුකී බබ අඩනවා නැත්තම්.. "
චූටි ඇස් දෙකේ කදුලු පුරවගෙන කුකී එහෙම කියනකොට ආයෙමත් ඇස් දෙක පිහදගත්ත ජිමින් හිමීට කුකීගෙ අතින් කැරට් ටෙඩියව අතට ගත්තා.
ESTÁS LEYENDO
hyung... 🥀 [completed]
Fanficඅපිට කොච්චර ආදරේ කරන්න අය හිටියත් තමංගෙ සහෝදරයගෙන් ලැබෙන ආදරේ අපිට දෙන්න වෙන කාටවත්ම බෑ..💫🌸 එහෙම නේද....? this is not a bl story brotherhood jikook....🥀 start 2022.03.12 - end 2022.03.20💙