Part 04...🥀

143 42 25
                                    

කොහොමහරි කියල කියල ජිමින්ව ගෙදර එක්කන් ගිහින් සාත්තු කරනවට අන්තිමට ජිමින් කැමති උනා.

හොස්පිට්ල් බිල් එක පේ කරලා දෙන්නවම කා එකට දාගත්ත ටේ කුකීගෙ ගෙවල් පැත්තට යන්න පටන් ගත්තා.

ටික වෙලාවකින් ගොර ගොර ගාන සද්දයක් ඇහුන නිසා එකපාට්ට අනිත් දෙන්නම ටේ දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන් මොකද්ද ඒ සද්දෙ අහන්න වගේ.

දත් තිස් දෙකම එලියට දාලා හිනා උන ටේ එයාගෙ බඩට එක අතක් තියාගත්තෙ අනිත් අතින් සුක්කානම අල්ලගෙන​.

ඒක දැකපු කුකී පට ගාල ටේ බඩට තියාගත්ත අත අරන් ආයෙමත් සුක්කානම උඩින් තිබ්බෙ ටේත් ඇස් ලොකු කරලා කුකී දිහා බලද්දි.

" අත් දෙකෙන්ම ඕක අල්ලගනින් මෝඩයෝ ආයෙ නම් හැප්පෙන්න බෑ.."

කුකීගෙ කතාවට පන යනකම් හිනා උන ටේමින් දෙන්නා කුකී දිහා බැලුවෙ හරියට පොඩි එකෙක් දිහා බලනවා වගේ.

" යා...හ් ඕනෙ එකක් කරගනින්. "

තරහින් ටේමින් දෙන්නා දිහා බලාගෙන එහෙම කියපු කුකී ශටර් එක පැත්තට හැරිලා ඔලුව ගහගත්තා.

ටික වෙලාවක් සද්දයක් නැතුව ගියපු කුකී ආයෙමත් ටේ දිහාට හැරුනේ එයාගෙ බඩ අල්ලන්.

ඒක දැකපු ජිමින්ට ලාවට හිනා ගියේ කුකී හිටපු විදිහට.

"ඒ බං ..මේ.... මගේ බඩ මොනාහරි කන්න ඉල්ලනවනෙ බං .... ආයිශ් මට බඩගිනී............"

කා එක ඇතුලේ යටිගිරියෙන් බෙරිහන් දීපු කුකී ජිමින්ගේ පැත්තට හැරුනා.

" ඔයාටත් බඩගිනී නේද හියුන්.."

එහෙම අහපු කුකී ඔලුව වැනුවේ ඔව් කියන්න කියල අගවන ගමන්.

" ඇයි තොට මම වෙනදට කෑම අරන් දෙන්නෙ නෑද්ද."

කුකීගෙ ගොන් හැසිරීම දැක්ක ටේ කුකීගෙන් ඇහුවේ කුකී මෙච්චර ඇබරෙන්නෙ ඇයි කියල හිතාගන්නවත් බැරුව.

" හී.... මේ මගේ පර්ස් එක.. හී ඒක මේ මගේ කා එකේ හී දාල ඇවිල්ලනෙ."

ඔලුවත් කහ කහ එහෙම කියපු කුකී ගොන් හිනාව දාගෙනම ටේ දිහා බැලුවා.

hyung... 🥀 [completed]Wo Geschichten leben. Entdecke jetzt