Part 05...🥀

136 43 14
                                    


"කාල ඉවරයි නේද ඔයාලා. එන්න මම පුතාට ඔයාගෙ කාමරේ පෙන්නන්නම්.ටේ පුතා අද මෙහෙ නවතිනවද​..?"

මෙලී ඇහුවේ ජිමින් දිහා බලාගෙන වෙනමම කල්පනාවක හිටපු ටේගෙන්. ඒ සද්දෙට ගැස්සිලා ගියපු ටේ මෙලීගෙ පැත්ත හැරුනා.

" ආහ් ආන්ටි ම්ම් ඔව් මම අද මෙහෙ ඉන්නම් කමක් නෑනේ."

" කමක් නෑ දරුවෝ . ඒත් ගෙස්ට් රූම් එකයිනේ තියෙන්නෙ. ඔයාට පුලුවන් නේද කුකීගෙ කාමරේ ඉන්න​."

මෙලී ටේගෙන් ඇහුවේ ගෙස්ට් රූම් එකට ජිමින්ව දැම්මම ටේට ඉන්න කාමරයක් නැතිවෙන හින්දා.

" ආහ් කමක් නෑ ආන්ටි මම ඉන්නම්."

කුකීගෙ දිහාට අමූතු බැල්මක් දාගෙන ටේ එහෙම කිව්වම කුකී තඩි කෙලගුලියක් ගිල්ලේ සෝෆා එකේ එයා නිදාගන්න එක හිතින් මවාගෙන​.

" හරි එහෙනම් ජිමින් පුතා එන්න මාත් එක්ක . මම ඔයාට කාමරේ පෙන්නන්නම්. එතකොට ඔය ගදයො දෙන්නා වොශ් එක්කුත් දාගෙන නිදාගන්න එහෙනම් හොදේ. කුකී ටේ ව එක්කන් යන්න​."

කුකීට එහෙම කියපු මෙලී ජිමින්වත් එක්කගෙන උඩට ගියේ ටේ 'අද දෙන්නම් උබට' වගේ බැල්මකින් කුකී දිහා බලන් ඉද්දි.

දත් තිස් දෙකම දාල හිනා උන කුකී එකායි දෙකායි තුනායි කියල කවුන්ට් කරලා එකපාට්ට උඩට දිව්වේ ටේ ව අන්දුන් කුන්දුන් කරන ගමන්.

තප්පරයයි අරික්කාලකින් වැඩේ තේරුන ටේත් පන කඩාගෙන උඩට දිව්වෙ

"ඇඳ නම් මගේ" ගාගෙන කෑගහන ගමන්.​






මෙ අතරේ ජිමින්ව එක්කන් කාමරේට ගිහින් දොර වහගත්ත මෙලී ජිමින් ලගට ඇවිල් එයාගේ දෝතින්ම ජිමින්ගේ මූන අල්ලගත්තා.

" පුතා... ඔයා කොහෙද මෙච්චර කල් හිටියෙ පුතේ. අපි ඔයාව හෙව්වා. අපිට සමාවෙන්න දරුවෝ. අපිට තිබ්බ එදා ඔයාවත් අපි ලග තියාගන්න​. ඒත් අපිට බැරි උනා."

ඇස් වලින් ගලන කදුලු පාලනේ කරගන්න ලොකූ උත්සහයක් දරන ගමන් එහෙම කියපු මෙලී ජිමින් එක්කම ඇදේ වාඩි උනා.

hyung... 🥀 [completed]Where stories live. Discover now