"ආයිශ් මගේ ඔලුව. ආහ් මම කොහෙද"
ඔලුවත් අත ගගා නැගිට්ට කුකී වට පිට බැලුවෙ එයාට එකපාට්ටම එයා ඉන්නෙ කොහෙද කියල හිතාගන්න බැරි උන නිසා.
"ආහ් නැගිට්ටද මහත්තයා කොහොමද ඉතින් "
ජංකුක් ගැස්සිලා ගියෙ එකපාට්ටම එහෙම කියාගෙන මෙලී කාමරේ අස්සට ආපු නිසා.
"ආහ් අම්ම මම ඊයෙ ආවෙ කොහොමද. ඇයි මට මුකුත් මතක නැත්තේ."
"කොහෙ මතක තියෙන්නද ආහ්... කවදාවත් නැතුව කොල්ලට ඊයෙ අමූතු ජොලියක් ගන්න හිතිලනේ.. අන්තිමට ගෙදර ආවෙ අර ජිමින් පුතාගෙ කර උඩින් . අනේ ඇත්තමයී........"
"ආහ් අම්මා...මගේ කන ගැලවෙයි.."
මෙලී කුකීගෙ කන තදට මිරිකන ගමන් කෑගහන්න ගත්තා.
එතකොටම එතනට ආව ටේ මේ සීන් එක දිහා බලන් හිටියෙ හිනා වෙවී.
"ආන්න හරි ආන්ටි ඔය හාවගෙ කන ගලවලා අතට දෙන්නෝනි .. යූ හූ කමෝන් ආන්ටී."
ඒ සද්දෙට මෙලී ටේගෙ පැත්ත හැරුනත් කුකීගෙ කන නම් අතෑරියෙ නෑ.
ටේත් එහෙම කියාගෙනම කුකී ඉන්න ඇද ලගට ආවේ ඊලග අවාසනාවන්ත මොහොත උදා වෙන්නෙ එයාට කියල නොදැන.
"ආහ් ඔය ආවෙ අනිත් මහත්තයත්. දෙන්න එක්කම නේද ජොලියක් ගන්න ගියේ. ඔය ආවෙ අන්තිමට හොද ජොලියකුත් අරන් අර අහින්සක කොල්ලගෙ කර උඩින්... මුන් දෙන්නා නම් ...."
"ආහ් ආන්ටී අයියෝව් ඉ... ඉතින් ඒ...එහෙම තමයි ජොලි ගන්නේ. ආව් ආයි මගේ කන දෙන්නකෝ ආන්ටී ඕක විතරයි තියෙන්නේ ඕකත් පොට්ට උනොත් මට ඔක්කොම හාෆ් ඇහෙයි ආන්ටී...අයියෝව්."
මෙලී ටේ ලගටම එනකන් ඉදලා ටේගෙ කනත් අල්ලගත්තේ දෙන්නටම තරු විසික්වෙද්දි.
"අයියෝව් ආන්ටි ඒ දෙන්නව අතාරින්න අනේ. පව් . ඔහොම තමයි ඉතින් කොල්ලො. කොහොමහරි පරිස්සමට ගෙදර ආවනේ."
ඒත් එක්කම මේ සද්දෙ මොකද්ද බලන්න කුකීගෙ කාමරේට එබුන ජිමින් මෙලීගෙන් ටේකූක් දෙන්නව ගලවගත්තේ ටේයි කුකීයි අත් දෙකම එකට එකතු කරලා ජිමිනට වදිද්දී.
"පුතා හිටපු නිසා තමයි නැත්තන් මුන් දෙන්න මොනා කරගයිද දන්නෑ.. මෝඩයෝ දෙන්නා..."
ESTÁS LEYENDO
hyung... 🥀 [completed]
Fanficඅපිට කොච්චර ආදරේ කරන්න අය හිටියත් තමංගෙ සහෝදරයගෙන් ලැබෙන ආදරේ අපිට දෙන්න වෙන කාටවත්ම බෑ..💫🌸 එහෙම නේද....? this is not a bl story brotherhood jikook....🥀 start 2022.03.12 - end 2022.03.20💙