"මෝඩ වෙන්න එපා බං සවිනි.. අවුරුදු 10ක් බං.. උබ ඒකිට එක කොච්චර දැනෙන්න දුන්නත් එකී එක තෙරුන් ගන්න නැහැ.. අන්තිමේදී ඒකිට දැන් බෝයිෆ්රෙන්ඩ් කෙනෙක්.. වෙන කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන එක නවත්තපං.. ජිවත් වෙයන් උබ වෙනුවෙන් හොයා ගනින් උබට ආදරේ එකෙක්.. පිලිගනින් එකී උබට ආදරේ නැහැ.."
අයෙත්.. අයෙත් මං එයාට එකම දේ තෙරුන් කරන්න හදනවා.. හැමදාම වගේ.. ඒත් ඒත් අන්තිමේදී එයා තොර ගන්නේ නිහන්සාව මයි... ඇයි.. එයාට එච්චර ආදරයක්..
"මං ඒකිට ආදරෙයි මිහිනියෝ.. උබ මගේ bestie නෙහ්.. තෙරුන් ගනින් කෝ.." සවිනි මගේ ඇස් දිහා බලන් කියනවා..
"තෙරුන්..හරි උබ තෙරුන් ගන්න ආදරේ මොකක් ද කියලා.." මං එයාට කිව්වේ මගේ කටහඩේ සද්දේ අඩු කරලා හැබැයි බලය නෙවේ..
"අනෙහ් බං.. ආදරේ කියන්නේ ආදරේ.. එක තෙරුන් ගන්න දෙයක් ද.." සවිනි මට හිනා වෙන ගමන් කිව්වා..
එතන මං නවතින එකම තැන.. ඒ හිනාව..
"මේ වගේ රටක..?? මේ වගේ homophobic රටක කෙල්ලෙක් කැමති වෙන්නේ නැහැ.. මතක නේ එකී share කරලා තිබ්බ homophobic posts.." තවත් පොයින්ට් එකක්.. තව එක පොයින්ට් එකක්.. මට එයාව වට්ටන්න..
"දන්නවා.. ඒත් තාමත් මං ඒකිට ආදරෙයි බං.. එකී මගේ ජිවිතේ.." වචන බං සවිනි වචන.. උබ ඔය ඒකිට කරන ආදරේට වඩා දහ ගුණයක්, සිය ගුණයක් මං උබට ආදරෙයි බං.. උබ තෙරුන් ගන්නේ නැහැ..
යාලුවා,යාළුවා කියන බැදීමේ අපි නැවතිලා..
"ඕනේ එකක්.. මට කියන්න බැහැ..උබට කියලා වැඩක් නැහැ බං.. උබ අහන්නේ නැහැ.. අවුරුදු 10ක් උබේ ජිවිතේ අපරදේ බං.. දැන් උබට අවුරුදු 25 බල්ලෝ.. Job එකක් හොයා ගනින් මුලින්ම්ම.." මට කරන්න දෙයක් නැහැ.. මට උබව උබේ හොදට තල්ලු කරන්න විතරයි පුළුවන්..
"බං මට ඒකිව ඕනේ.."
ඇයි..??? ඇයි..??? ඇයි???? එයා..!?!? ඇයි ඒ මං නොවෙන්නේ.. ඇයි ඒ එයාම.. ඇයි ඔයාට මට ආදරේ කරන්න බැරි..
"මට උබ කියන්නේ ඒකිව අල්ලලා උස්සල උබට ගෙනත් දෙන්න කියලා ද.." මං මට order කරපු කොපි එකෙන් එක උගුරක් බිව්වේ මගේ කදුළු පාලනය කර ගන්න.. අවුරුදු කීයක් ද.. අහ්හ්.. එකටම ආපු දෙන්නගේ උබ ඇයි ඒකිව තොර ගත්තේ..කවුද මෙච්චර කල් බලන් ඉන්නේ.. ලැබෙන්නේ නැති දෙකට..
"උස්සල හරි ගෙනත් දීපන් බල්ලෝ.." එයා මගේ උරෙස්සට ගහන ගමන් කිව්වා..
"මං යනවා.." එහෙම කියපු මං මගේ side බැග් එක කරට දාගෙන නැගිට්ටා..
"දැම්ම..!?!?" සවිනි ඇහුවේ මං දිහා කන්න වගේ බලන්..
"ඔව් මට පොඩි ගමක් යන්න ඕනේ.. ගෙදරට බඩු වගයක් ගෙන්න කිව්වා අම්මා.. මං යනවා.. සොරි බං.. උබේ දුක අහන්න අද ඉන්න බැරි වෙයි.." එහෙම කියපු මං අපි හොටෙල් එකේ ඉදන් හිටිය පුටුවෙන් නැගිටලා එතනින් ගියෙ අවුරුදු දහයක් තිස්සේ කරපු ආදරෙන් මට ලැබුණු එකේම දේ.. වේදනාව මගේ හිත ගිලගෙන තියෙද්දී..
ඇයි ඒ මං නොවෙන්නේ.. අවුරුදු ගානක් දුකේදී සැපේදී ඔයාව අත නොහැර හිටිය නිසා ද.. යාලුවෙක්ම නිසා ද.. නැත්නම් යාලු කම නැති වෙන්න නොදී මගේ ආදරේ ගැන නොකිව්ව එකට ද..
ඇයි ඒ ඇයි ඒ මිහිනි නොවී නිහන්සා උනේ.. ඇයි.. ඔයාගේ හදවතේ ලස්සනම බැදීමේ අයිති කාරය වෙන්න මට බැරි වුනේ.. ඇයි ඒ මං නොවුනේ..
අයිෂ් මගේ කදුළු.. කිසි පාලනයක් නැහැ.. හැමදාම වගේ.. වටේ මිනිස්සුත් මං දිහා බලනවා..
මං හැමදාම වගේ පාර්ක් එකට ගියා.. අදත්.. එතන කිසි කෙනෙක් නැහැ... මිනිස්සු නැහැ judge කරන්න.. කිසි කෙනෙක් නැහැ..
සිතල හුළගයි, ඉස්සරහෙන් තියෙන ගගයි, ගස් කොලනුයි විතරයි..
මට මගේ කදුලු ඉවර වෙනකම් අඩන්න පුළුවන්..
සවිනි.. අවුරුදු එකොළහකට කලින් මට හම්බුනු කෙල්ලෙක්..
YOU ARE READING
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √
Short StoryI have been hurt for 10 years!! In the end you still chose her!! Why not me!! G×G✔️ Happy end✔️ Angst✔️ Story Cover : ChoiJaehi