"ඔයා රෙඩි නෙහ්.. මේක මොක් එක.. මේක අපි පාස් වෙන්නම ඕනේ.. හොදට කරන්න සුදු.." එහෙම කියපු දෙව්මි මගේ අතෙන් අල්ලලා හිනා උනා..
"ඔයත්.. ඔයත් හොදට කරන්න ඔනෙහ්.. හොදේ.." මමත් එයාට හිනා වෙන ගමන් කිව්වා..
"අපි දෙන්නම කොරියා යං එකට.. බලන්නකෝ.. අපි දෙන්නම එකට ඉගෙන ගන්නේ.. අපි දෙන්න මේක පාස් වෙලා a/l කරගෙන යං සුදු යන්න.." දෙව්මි එහෙම කියමින් හිනා උනා..
"යං අපි දෙන්නා.." මමත් එයාට හිනා වෙලා කිව්වා.. ඔව් මං දැක්කා.. සවිනි අපි දිහා බලන් ඉන්නවා.. ඒත් මම තවත් දෙව්මි ගේ අත තද කරලා අල්ල ගත්තා විතරයි.. මන් එයාට ඇහෙන්නම කිව්වා.. අපි යං කියලා..!! මං දැක්ක එයාගේ ඇස් තරහෙන් රතු වෙනවා ඒ උනාට.. කමක් නැහැ.. ඔයා මට දුන්න හැමදේකටම මේක සාමාන්‍ය දෙයක්..!
"යං දැන් exam එක පටන් ගන්නවා..අන්න teacher එනවා.." ක්ලාස්එකට ආපු ලමෙක් කෑගහලා එහා ක්ලාස් එකට ගියෙ අපි අපේ සීට් වල ඉද ගද්දි..
අවුරුදු ගානක් මහන්සි වුනේ මේකට..!! ඔව් මං අවුරුදු ගානක් මහන්සි උනා.. මේක මගේ අන්තිම අවස්ථව වෙන්න පුළුවන් මගේ හීනෙට යන්න..!!
දෙව්මි මට fighting කියලා හිනා වුනා.. එයා ලොකු ශක්තියක් සමහර වෙලවට..!!
YOU ARE READING
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √
NouvellesI have been hurt for 10 years!! In the end you still chose her!! Why not me!! G×G✔️ Happy end✔️ Angst✔️ Story Cover : ChoiJaehi