Flash back end
මම හිටියේ අඩන ගමන්.. ඒත් මං ඉස්සරහ බලන් හිටියා.. අඩන ගමන් කියන්න බැහැ.. නැහැ මං දුර්වල නැහැ.. මගේ ඇස් දෙකෙන් කදුළු වැටුනා.. ඒවා ඔහේ වැටිලා ගියා..
"අඩන්න එපා.." එහෙම කියන ගමන් කවුරු හරි මං ලගින් ඉද ගත්තා..මං හැරිලා බලද්දී ඒ..
සවිනි.....
"සා-සවිනි.." සවිනි ඇයි මෙතන..
"ම්ම්ම්..සමාවෙන්න මැණික.. මට හුගක් සමාවෙන්න..අද ඔයා මෙතනට වෙලා අඩනව දකිනකම් මට එක තෙරුන් ගන්න බැරි උනා.." එහෙම කියන ගමන් එයා මගේ කදුළු පිහි දැම්මා..
Author pov
"මිහිනි ඔයා මට සමාව දෙනවා ද.." සවිනි මිහිනිගේ ඇස් දෙකෙන් වැටිලා තියෙන කදුළු පිහිදාන ගමන් ඇහුවා..
"ඔයා-ඔයා මොනවද මේ කියන්නේ.." මිහිනි ඇහුවේ පුදුම වුනු කටහඩකින්..
"මං ඔයාට ආදරේ කරා ඔයාව දැක්ක දවසේ ඉදන්.. ඇත්තටම ආදරේ කරා.. හුගක්.. ඒ උනාට මං හිතුවේ මං ආදරේ කරේ නිහන්සට කියලා.. මං මාවම ප්‍රශ්න කලා..ඒ උනාට මට හිතා ගන්න බැරි උනා.. ඔයා මාව ප්‍රතික්ෂේප කරොත් කියලා මට බය හිතුනා.. මට තේරුනේ නැහැ.." එහෙම කියපු සවිනි තමන්ගේ ඇතෙන් මිහිනිගේ මුණ හිමින් අත ගෑවා..
"මට සමාව දෙනවා ද මැණික.. මට ඔයාට ආදරේ කරන්න දෙනවා ද.. ඔයාට අවුරුදු ගානක් රිද්දුවට මට සමාව දෙනවා ද.. එක සැරයක් මැණික.. මං පොරොන්දුවෙන්නම් ආයේ මං කිසි මෝඩ වැඩක් කරන්නේ නැහැ..මං ඔයා එක්ක ඉන්නවා හැමදාම.. මට ආදරේ කරන්න දෙනවා ද ඔයා.." සවිනි ඇහුවේ මිහිනි ගේ මුණ ආදරෙන් අත ගෑව..
විනාඩි දෙකක් විතර යනකම් මිහිනි ගේ තිබ්බේ නිහඩතාවයක්.. එයාට හිතා ගන්න බැරි උනා..
අනික් ඇතෙන් සවිනි එයා බයෙන් හිටියේ මේ ආදරේ එයාට නැති වෙයි ද..! එහෙම නොවෙන්න කියලා එයා දෙවියන්ට pray කලා..
ඒ තත්පරේ
"ඔව් මං ඔයාට ආදරෙයි.. හුගක් ආදරෙයි ආයේ මාව දාලා යන්න එපා.. මං ආදරෙයි.. හුගක් ආදරෙයි.." කියන ගමන් මිහිනි සවිනි ගේ අත් අතරට පැන්නා..
"මාත් ආදරෙයි මැණික.." එහෙම කියපු සවිනි මිහිනිව තදින් බදාගත්තා..
YOU ARE READING
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √
Short StoryI have been hurt for 10 years!! In the end you still chose her!! Why not me!! G×G✔️ Happy end✔️ Angst✔️ Story Cover : ChoiJaehi