📚📚 ONLY WITH YOU 📚📚 ....
" මම මේක උඹෙන් අහන්න හිතාගෙන හිටියේ හුඟක් කාලෙක ඉඳලා... උඹට දැන් උඹේ හිනාව ආපහු ලැබුණු එකේ මම මේ වගේ ඉල්ලීමක් කරන එක වැරදි නෑ කියලා මම හිතනවා...."එළෙසින් පවසා ඔහු ටික වේලාවක් නිහඬව සිටියේය... shan වචනයක්වත් කතා නොකර ඔහු දෙසම බලාගෙන සිටියේය....
", උඹේ කතාවෙ චරිතයක් වෙන්න මට අවස්ථාවක් දෙනවද මචං......"
**
ෂුවා කියන්නේ කුමක්දැයි හිතාගන්නට නොහැකිව ශාන් ටිකවෙලාවක් ඔහු දෙස බලාගෙනම සිටියේය ....
" උඹ මගෙන් ඉල්ලන්නෙ.....යැන්ලිවද ෂුවා ...."
ශාන් කුතුහලයෙන් ඇසුවේය ...ෂුවා ඔව් යැයි කියන්නට හිස සැලුවේය ...
" උඹලා දෙන්නා දැනටම සෙට් ද..."
ශාන් ෂුවාට තවත් ලංවෙමින් ඇසුවේය ...
" කීපවතාවක්ම කතාකරලා තියෙනවා .... උඹේ දේවල් දැනගෙන එයා ටිකක් හෙල්ලුනා කියලා දැනගත්තහම මම පැත්තකට වෙලා හිටියා ශාන් ....ඒත් එයා ඒ දේවල් වලට ලස්සනට මූණ දීලා තියෙන හැටි දැක්කාම ඉතින්..........."
" ඉතින්..... "
ශාන් ෂුවාන් ගේ මූණට එබෙමින් ඇසුවේය ...
" ඉතින්..... නිකං......මොකක්දෝ හිතුනා...."
ෂුවා තතනමින් කීවේය ... ශාන්ගේ මුහුණේ ලස්සන සිනහවක් මතුවිය...
" ඇයි මගෙන් අවසර ඉල්ලන්නෙ මචං.... එයා මගෙ නෑනා විතරයි....."
" ඉතින් ඒකමනේ උඹෙන් ඉල්ලන්නෙ .....උඹේ නෑනා නිසානෙ ..."
ශාන් ෂුවාගේ කරට අතක් දමාගත්තේය .....
" එයාට ලංවෙයං.... එයා තවමත් මගෙ අයිය ගැන හිතනවා මචං..... මමත් කැමති එයා ලස්සන ජීවිතයක් පටන්ගන්නවට ..."
STAI LEGGENDO
📚 📚 ONLY WITH YOU 📚📚 zhanyi fan fiction ( Complete )
Fanfiction✒️✒️✒️ නුඹට....හිනාවෙන ඇස්වල හිමිකරුට......ඔව් මා හද සොරකම් කල නුඹට..... අතින් අල්ලන්නට යද්දි ගිලිහී ගිය නුඹට.... ඔය සිනහවෙන් මා පිස්සෙකු කල නුඹට.... කොටින්ම මට මාව අමතක කල නුඹට ......... මෙය පුදමි.... මම xiao zhan ❤️