✒️ චූටි බෝනස් එකක්...

1.3K 368 182
                                    

📚📚 ONLY WITH YOU 📚📚 .....

වන්ග් යලිත් ශාන් අසලට එන්නට යද්දී .........................

" පපා.......... "

යීබෝ ශාන්ව පිටුපසට කරගෙන කෑගැසුවේය ... ඒ හඩ කෝපයෙන් වෙව්ලයි...

", එහාට වෙයං උඹත්....හැමදේම දැන දැන මූත් එක්ක මගුල් නටන්ඩ ගියපු තොටත් මම හොඳ වැඩක් කරන්නම්... ඉස්සෙල්ලාම මට මේකා ගැන බලාගන්න ඉඩ දීපල්ලා...."

වන්ග් වියරුවෙන් කෑගැසුවේය ... ෂුවා කර කියා ගන්නට දෙයක් නොමැතිව ඈත සිට බලා සිටියේය...

" පපා........ඕක නවත්තන්න...."

යැන්ලි පොඩ්ඩාව ෂුවා අතට දී යීබෝ මෙන්ම ශාන්ව කවර් කරගෙන හිටගත්තේය ..

***

" මට නවත්තන්න කියලා කියන්නේ මෙතන වෙලා තියෙන දේ උඹ දැනගෙන ද... උඹ දරුවෙක් එක්ක අනාථ වෙන්න යන්නේ...... එහාට වෙයන් මට මේ තිරිසනාට තව දෙකක් ගහන්න ඉඩ දීලා........."

මිස්ටර් වන්ග් වියරුවෙන් කෑගැසුවත් එක්වරම යැන්ලි හඬමින්ම මහ හඬින් සිනාසෙන්නට පටන් ගද්දී එතැන සිටින සියලුම දෙනා ඇය දෙස පුදුමයෙන් බැලුවේය .... යීබෝ ක්ෂනයකින් ශාන්ව අතින් අල්ලාගත්තේය .... මිස්ටර් වන්ග් ගේ කම්මුල් පහර ට පින්සිද්ධ වන්නට තොල් පොටක් පුපුරා ගොස් තිබුණු අතර කම්මුලක් දම් පැහැ වී තිබුණි....

" පපා.....පපා..... මායි මගෙ දරුවයි අනාථ වුනේ අද නෙමෙයි...මීට අවුරුදු තුනහමාරකට ඉස්සරලා...ඒකත් ඔයාගේ චන්ඩිකම් වලට පිං සිද්ධ වෙන්න තමයි...... මේවා ගැන අමුතුවෙන් මට කියලා දෙන්න එන්න ඕනේ නෑ.....ඔයා අද දැනගත්ත දේ මම මීට හුඟාක් ඉස්සර ඉඳලම දන්නවා....'"

යැන්ලි උස් හඩින් එලෙසින් කියද්දී ඇය කියන්නේ කුමක්දැයි අදහා ගන්නට නොහැකිව මිස්ටර් වන්ග් බලා සිටින්නේය.. ඒත් සමගම ඔහුගේ තියුණු දෙනෙත් ශාන්ගේ අතේ පැටලී තිබෙන යීබෝගෙ දෑත වෙතට යොමු විය..

"අතෑරපං යීබෝ .. ඕකව අතෑරපං .... "

මේ වන විටත් ශාන්ගේ කාමරය තුලට ගොස් සිටි සේවකයින් දෙදෙනෙක් ඔහුගේ සියලුම බඩුබාහිරාදිය ගමන් මලු වල බහා කාමරයෙන් පිටතට රැගෙනවිත් තිබුණේ ය...... වන්ග් ගේ කෑගැසීම නිසාම ශාන් ඒ අත අත හරින්නට හැදුවත් යීබෝ එයට ඉඩක් ලබා දුන්නේ නැත.....

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now