Chapter 09

524 154 22
                                    

ජීමින්ට සිහිය ඇවිත් ටික වෙලාවක් යනකන් ඩොක්ටර්ස්ලා ඇවිත් චෙක් කරපු නිසා ජන්කුක්ට ජීමින් ගැන බලන්න වෙලාවක් තිබුණෙ නෑ.

"ඔන්න දරුවෝ මේ පාර නම් කලින් පාරවල් වලට වැඩිය ටිකක් දරුණුයි. මාස එක හමාරක්වත් ඇදට වෙලා ඉන්න වෙයි."

ජීමින්ගේ මූණ අදුරු වුණත් අසරණකමෙන් දොස්තරගේ මූණ දිහා බලන් ඉන්න කොල්ලට සිද්ධ වුණා.

"ඒකට මොකද ඩොක්ටර් .. ජීමින්ව බලාගන්න ජන්කුක් ඉන්නේ."

ජන්කුක් අටවෙනි ලෝක පුදුමය වුණා වගේ ටියාගේ මූණ දිහා බැලුවේ මෙච්චර වෙලා තමන්ගේ තරහ අවුස්සලා දැන් කියපු කතාව නිසා. ආපු වෙලාවේ ඉදන් ජීමින්ව බලාගන්න කතා කරපු කෙනා මේ විදිහේ කතාවක් කියපු එක විශ්වාස කරන්න ටිකක් අමාරු වුණා. ජන්කුක් හිතෙන් මවා ගත්තු ටියා ජීමින් කතාවේ ටියාව ඈතර විසි කරලා තමන්ව ස්ථානගත කරපු ජන්කුක් ආයෙමත් ජීකුක් කතාව පටන් ගත්තා.

ටියා නරකයි කියලා හිතුවට එහෙමත් නෑ වගේ. ජන්කුක්ගේ හිත සැරෙන් සැරේට එහෙම හිතුවා. ඩොක්ටර් ගිය ගමන් ජීමින් ලගට ආපු ජන්කුක් දිහා ජීමින් බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඔමෝ මිනිස්සුන්ව බය කරන එකේ සීමාවක් තියෙන්න ඕනි ජීමිනා. කොහෙද ඉතින් ස්ටේඩියම් එකේ ගෑණු ටික දැකපු ගමන් කොල්ලා ට්‍රැක් අවුට් ගියා. ලයිව් නෙට්ෆ්ලික්ස් සීරීස් එකක් බැලුවා වගේ හලෝ."

ටියාගේ බෙලෙක්ක කට ආයෙමත් වැඩ. කොච්චර වුණත් ජන්කුක් ඔය තරම් කතා කරන කෙල්ලොන්ට වැඩිය ආස නෑ. විශේෂයෙන්ම ජීමින්ට ලග කෙල්ලෙක්ට.

"ඔයාගේ ලව්ලි වට හතරක්ම පෙරලිලා ගිහින් ගිනි ගත්තේ. අපරාදේ කාර් එක."

දැන් සිහිය ආපු මනුස්සයෙක්ට විරාමයක් නොදීම ටියා කියවන් යද්දි ජන්කුක් ඇහි බැමක් අකුලලා කෙල්ල දිහා බැලුවේ නවත්තන්න කියන්න වගේ. ජීමින්ට තාම කතා කරන්න බැරි වුණේ ඔක්සිජන් මාස්ක් එක නිසා. කාර් එක පෙරලුණ වෙලාවේ ගිනිගත්තු එකෙන් විනාඩි ගානක් යනකන් කොල්ලට හුස්ම ගන්න බැරි වුණ හින්දමයි ඒ වෙලාවේ ජීමින්ට එලියට පැනගන්න බැරි වුණෙත්.

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now