Chapter 12

573 159 62
                                    

"ඔය ඇත්තටමද කියන්නේ ?"

"දේ දේ මිස්ටර් පාර්ක්. ඒ නිසා ප්ලීස් ඒ වැඩේ නම් කරන්න එපා. මේක ඉල්ලීමක්. අනිත් එක ඕක එයාට නම් කියන්න එපා."

"ආයිශ්.. මං කෙනෙක්ව හොයලා දුන්නේ නෑ කියමුකෝ. එයා කැමති වෙයිද ඔයා ආපහු එනවට."

"ඒක මං බලාගන්නම්කෝ. අනේ ඒ නිසා මං වෙනුවෙන්.. චේබල්.."

"අරස්සෝ .. "

"කන්සහමිදා සජන්නිම්."

කම්පැණි එක ඇතුලෙ දෙන්නෙක් අතරෙ වුණ කතාබහකින් පස්සේ එලියට ආපු කෙනා තනියම හිනා වුණේ තමන්ගේ හිතේ තිබුණ ලොකූ දෙයක් නිදහස් කරගෙන.

At Hospital

"අනී අප්පා.. එහෙම කරන්න එපා. මාව බලාගන්න ජන්කුක්ට බෑ. බොරුවටනේ ජන්කුක්ට නිවාඩු දීලා තියෙන්නෙ.

ආශ්.. ඒත්..

අරස්සෝ.. මං තියනවා."

ඇමතුම විසන්දි කරපු ජීමින් දුරකථනය පැත්තකට දැම්මේ තරහින් වගේම පුදුමෙකින්. ඊයෙ ජීමින්ගේ කියපු දේ අහලා ජන්කුක්ගේ නිවාඩු කැන්සල් කරන්න තීරණේ කරපු මිස්ටර් පාර්ක් අද කියන්නේ වෙනම කතාවක්. මෙච්චර වෙලාවක් එලියෙ හිටපු ජන්කුක් කාමරේ දොරත් ඇරගෙන ඇතුලට ආවේ දොස්තරත් එක්කමයි.

"ජීමින්ට අද ගෙදර යන්න පුලුවන්. හැබැයි ගෙදර ගියා කියලා ට්‍රීට්මන්ට් නතර කරන්න බෑ. ජන්කුක්ට මං කරන්න ඕනි හැමදේම කියලා දුන්නා."

ජීමින් ජන්කුක් දිහා බලාගෙන ඔලුව එහා මෙහා කරත් ජන්කුක් නෙවෙයි ජීමින් දිහා බැලුවේ. තමන්ගේ වැරැද්ද හදාගන්නකන් ජීමින් දිහා බලන්න බැරි කමක් ජන්කුක්ට තිබුණේ. ඩොක්ටර් ගියාට පස්සේ ජන්කුක් ජීමින්ගේ දේවල් අස් කරන්න ගත්තත් දෙන්නා අතරේ තිබුණේ නිහඩතාවක්. එක්කෙනෙක් මූණ දෙන්න බැරි කමකින් ඉද්දි අනිත් කෙනා තරහටම ඔරවන් බලන් හිටියා.

"ජන්කුක් ෂී .. බෑග්ස් ටික වාහනේට දැම්මා. ජීමින් ෂී ට යන්න පාර ක්ලියර් කරලා තියෙන්නේ. ෆෑන්ස්ලා කවුරුත් දන්නෙ නෑ."

"අරස්සෝ.. අපි එන්නම්."

ජන්කුක්ගේ මැනේජර් ඇවිත් කතා කරද්දි ජන්කුක් ජීමින් දිහා බලලා වීල් චෙයා එක දිහා බැලුවේ තවදුරටත් දෙන්නට කතා නොකර ඉන්න බැරි වෙන නිසා තමන් ඉස්සර වෙන්න හිතාගෙන.

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now