මාධ්‍යවේදීන්ගෙන් බේරිලා ජීමින් ජන්කුක්ගේ කවුරුත් නොදන්න නිවසටම ආවේ ටිකක් සැනසීමේ ඉන්න. ජීමින්ට සැනසීම කියන්නේ ෆෝන් එක සයිලන්ට් කරන එක, ස්පෝට්ස් කාර් එකක ගමනක් නැත්තන් කන පැලෙන්න තරම් සද්දෙන් අහන්න පුලුවන් සංගීතයක්. ජන්කුක් වෙන මොනා හරි කියලා මීඩියා අවුල් කරයිද නැද්ද කියලා ජීමින් දැනන් හිටියෙ නෑ. ඒත් මේ වෙලාවේ කොල්ලා තමන්ව හොයන එක නම් ජීමින්ට හොදටම විශ්වාසයි.
ජන්කුක්ගේ ප්ලේයර් එකේ වේග රිද්ම ගීතයක් උපරිම සද්දෙන් දාපු ජීමින් ගෙනාපු ඕලොෆ්වයි බැට් මෑන්වයි සෝෆා එකෙන් ඉන්දුවේ ජන්කුක් එද්දි පිලිගන්න වගේ. බඩගින්නට පාන් පෙත්තක් ටෝස්ට් වෙන්න දාලා වතුර එකක් උණු වෙන්න තිබ්බේ නූඩ්ලස් එකක් තනියම හදාගන්න හිතාගෙන.
මේ අතරෙයි ජන්කුක් ගෙදරට ආවේ. කන පැලෙන්න තරම් සද්දෙ කියන්නේ ජන්කුක්ගේ කැමැත්ත නම් නෙවෙයි. ජීමින් මෙහෙටම එයි කියලා ජන්කුක් කීයටවත් හිතුවේ නෑ.
මොකද ටියා කිව්ව විදිහට මේ වගේ වෙලාවක ජීමින් ඉන්නේ එයා කැමති තැනක.
මොහොතකට සැනසීමක් වුණ ජීමින්ගේ පැමිණීම කිචන් එක පැත්තෙන් ආපු පිච්චෙන ගඳ ඒ සැනෙකින් නැති කරලා දැම්මා."යාහ් .. මෝඩ මිනිහෝ නහයක් නැද්ද ? මේ පාන් පෙත්ත කර වෙලා. "
ජන්කුක් ජීමින්ට කෑ ගැහුවත් සින්දුවේ සිහියෙන් නට නට හිටපු ජීමින්ට ඒක ඇහුණෙ නෑ. ඉලෙක්ට්‍රික් ලිපේ තිබුණ වතුර එක උතුරන එකවත් ටෝස්ටර් එකේ තිබුණ පාන් පෙත්ත ගැනවත් මේ වෙද්දි ජීමින්ට මතක නෑ. කර වුණ පාන් පෙත්ත අයින් කරලා ලිපත් ඕෆ් කරලා ජන්කුක් අත් දෙක බැදගෙන ජීමින් දිහා බලන් හිටියේ කොයි වෙලේ හරිම තමන්ව දකීනේ කියලා හිතාගෙන.
"ජ න්කුක් !! යාහ් .. හොල්මනක් වගේ හිටගෙන ඉන්නේ. මං බය වුණා මනුස්සයෝ .."
නටාගෙනම තමන් දිහාවට හැරුණ ජීමින් පපුවටත් අත තියාගෙන අඩි දෙකක් පස්සට ගිහින් කෑ ගහන්න ගද්දි මේසේ උඩ තිබුණ රිමෝට් එකෙන් ජන්කුක් සින්දුව ඕෆ් කරා.
"තව පොඩ්ඩෙන් මුලු ගෙදරම ගිනි ගන්නවා. පාන් පෙත්තෙන් දත් මදින්නත් පුලුවන්. ඒ තරම් අගුරු වෙලා. වතුර එක උතුරලා මේකේ හීට් එකට තව පොඩ්ඩෙන් ලිපත් එක්ක ගිනි ගන්නවා. නහයක් තියා සිහියක්වත් නැද්ද ?"
![](https://img.wattpad.com/cover/304526137-288-k226304.jpg)
YOU ARE READING
•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionJikook fiction by blacklove Published date :- 2022.03.23 Finished date :- 2022.05.17