සුව නින්දක හිටපු ජන්කුක්ගේ දුරකථනය උදේ පාන්දරින්ම නාද වෙන්න පටන් ගත්තේ නින්දට බාධාවක් වෙන විදිහටයි. නින්දෙන්ම ඇද උඩට තට්ටු දදා හොයාගත්තු දුරකථනයට ආපු ඇමතුමට උත්තර දුන්නේ නමවත් නොබලා.
"යෙ බුසයෝ... "
"දේ ... "
"ආනී .. මැනේජර් නිම් මං ඇහැරුණේම ඔයාගේ කෝල් එකට."
"මෝහ් !!!!??? චින්චාහ් ??"
මැනේජර් නිම්ගේ පණිවිඩේට නිදිමතත් අමතක වෙලා ගිය ජන්කුක් ඉද්ද ගැහුවා වගේ ඇදෙන් ඉදගත්තේ ඒ කියපු දේ විශ්වාස කරගන්න බැරුව.
"අහ් දේ .. මං බලන්නම්."
ඇමතුම විසන්දි කරලා සෝෂල් මීඩියා වල තිබුණ නිව්ස් එක බැලුවේ මැනේජර් ඇත්තක්ද කිව්වේ කියලා දැනගන්න. වොයිස් ඔන්ලි කියලා තිබුණ රෙකෝඩ් එක ප්ලේ කරේ හදිස්සියට කමෙන්ට් සෙක්ෂන් එකත් ඕපන් කරගෙනමයි.
"මිආනේ .. මං ගිහින් ආයෙත් ටියාව එක්කන් එන්නම්."
"ඕනි නෑ. තමුසෙ කියපු කතා වලට ලැජ්ජාවක් තියන කෙල්ලෙක් නම් ආයෙ එන්නේ නෑ. නලුවෙක් වුණාට මනුස්සයෙක්ට කතා කරන විදිහ දන්නෙ නෑ. ඒ මගේ හොදම යාලුවා. තමුසෙට කලින් මට එයාව හම්බුණේ. තමුන්ට මං ගැන අයිතියකුත් නෑ. මේක මාස හයක කන්ට්රැක්ට් එකක්. ඒකත් දැන් මාස තුනක්ම ඉවරයි. ඒ නිසා තමුසෙ තමුසෙගෙ සීමාවේ ඉන්න. පිට පනින්න හදන්නැතුව."
මාසෙකට විතර කලින් හොස්පිටල් එකේදි ජීමින් කියපු කතාව සෝෂල් මීඩියා වල තියනවා දැක්කම ජන්කුක්ට හුස්ම ගන්නත් අමතක වුණා. ඒකට ඇවිත් තිබුණ ෆෑන්ස්ලාගේ කමෙන්ට් පුරාවටම ජීමින්ට බැනලා වගේම තමන්ටත් බැනලා තියනවා දැක්කම මේක හීනයක් වෙන්න කියලා විතරයි ජන්කුක් ප්රාර්ථනා කරේ.
"ජීමින්ගේ සල්ලි වලට ජන්කුක් කන්ට්රැක්ට් එකක් සයින් කරලා."
"කොහොමත් ඒ දෙන්නා ගැලපෙන්නෙ නෑ."
"ජීමින් කියන්නේ ජරා මනුස්සයෙක්. ජන්කුක් ඔප්පට බනින්න කොහොමද එහෙම ?"
"මං මුල ඉදන්ම සැක කරා. "
"ජන්කුක් ඔප්පා මගේ. ජීමින්ට යස වැඩේ මගේ ඔප්පව බලෙන් ගත්තට."

YOU ARE READING
•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
Fiksi PenggemarJikook fiction by blacklove Published date :- 2022.03.23 Finished date :- 2022.05.17