Chapter 10

531 157 27
                                    

"ඔතනින් නෙවෙයි මනුස්සයෝ දාන්නේ. ඔය වැරදි තැනක්. ආව් ආව් රිදෙනවා මිනිහෝ අත."

"ඔහොම ඉන්නකෝ ඕයි කෑ නොගහ. තව ටිකයි. බොරුවට දගලන්න එපා."

"ඌයි කුක්සන් ඔහොම දාන්න එපා රිදෙනවා."

"හරි ඉවරයි."

ජීමින්ට අමාරුවෙන් ටී ෂර්ට් එකක් අන්දවගන්නයි දෙන්නගේ කාලගෝට්ටිය. ජන්කුක් දැන් දවස් දෙකක් තිස්සේ ජීමින් එක්ක හොස්පිටල් එකේ. මේ වෙනකන් ජීමින් ජන්කුක්ගෙන් ඇයි ඉන්නේ කියලා නම් ඇහුවේ නෑ. මොකද කොල්ලා දන්නවා ජන්කුක් ඔය වචනෙ ඇහුණ ගමන් මෙතන තත්පරයක් වත් ඉන්නැති බව.

"ඕයි මේ කුක්කා.. තමුසෙ රගපාන්න යන්නැද්ද ?"

"අනී .. කම්පැණියෙන් කියලා සුප්‍රකට නලු ජන්කුක් තම පෙම්වතා වෙනුවෙන් මාස එක හමාරක් නිවාඩු අරන් කියලා. චහ් .. මට වුණ දෙයක්."

ජන්කුක් කටත් හදලා කියපු විදිහට ජීමින් හිනා වෙන හැටි ජන්කුක් බලාගෙන හිටියේ ආදරෙන්. ජීමින් වෙනුවෙන් මීට කලින් නොකරපු දේවල් පවා ජන්කුක් කරද්දි ජීමින් පුලුවන් තරම් කොල්ලාව නෝන්ඩි කරා.

"කුක්සන් .. මට බඩගිනී."

"යාහ් මොන වදයක්ද හලෝ. දැන් පැය බාගයක් වත් නෑනේ සුප් එක බීලා."

"එහෙම තමයි ලෝකෙ හැටි. බඩගිනි වෙන එක සාමාන්‍ය දෙයක්. අනේ කුක්කෝ මොනා හරි කවනවකෝ."

ජීමින්ගේ හුරතල් මූණ පෙන්නලා මේ දවස් දෙක ඇතුලත ජන්කුක්ගෙන් ගන්න පුලුවන් තරමක් වැඩ ගන්න ඇති කොල්ලා. මෝඩ ජන්කුක් ඒ රගපෑමට හොදටම අහු වෙලයි හිටියේ. ඇස් දෙක හීනි කරගෙන හිනා වුණාම ජන්කුක්ට හොදටම ඇති.

"තමුසෙ නම් මහ වදයක් ඕයි."

වචනෙන් ඔහොම කිව්වත් හිත නම් කිව්වේ වෙනම කතාවක්. හැන්දට ගත්තු සුප් ටික කටෙන් පිඹලා නිවන හැටි ජීමින් හිනා වීගෙනම බලන් හිටියා.

"ඕයි මේ කුක්කෝ .. ලෙඩ්ඩු බලාගෙන හොදට පුරුදුයි වගේනේ."

"දේ මං ඉස්සර හරබොජි අසනීපෙන් ඉද්දි බලාගත්තා. එයාගේ අන්තිම වෙනකන් මං සේරම කලා."

"ඕහ් .. එතකොට රගපෑවේ නැද්ද ?"

"අනී .. හරබොජිගේ හීනේ තමයි මං මේ රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා දකින එක. එයා නැති වුණාට පස්සේ මාව මිස්ටර් පාර්ක් ලගට එව්වා අබොජි."

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now