Chapter 08

530 154 27
                                    

ජන්කුක් මිස්ටර් පාර්ක් වගේම ජීමින්ගේ යාලුවෙක් වුණ ටියා තාමත් ICU එක ලගට වෙලා බලන් ඉන්නේ ජීමින් ගැන තොරතුරක් ලැබෙනකන්. ටියා සැරෙන් සැරේට කතා කරත් අනිත් දෙන්නගෙන්ම ඒවට උත්තර නොලැබුණ නිසා ටියා වුණත් වැඩිය කතා කරන්න උත්සහ කරේ නෑ.

පැය ගානකින් ICU එකේ දොර ඇරෙනවත් එක්කම ජන්කුක් ඒ දිහාවට දිව්වේ අනිත් දෙන්නා හිතන්නත් කලින්.

"ඩොක්ටර් ජීමින් !!? "

"ඕ මිස්ටර් ජියෝන්.. මේ වෙද්දි නම් ජීමින්ගේ තත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙන්නේ. කාර් එක ගිනි ගත්තු එකෙන් ජීමින්ට හානියක් නොවුණ එක ගැන සතුටු වෙන්න. එහෙම වුණා නම් අපිට මේ තත්වෙටවත් මිස්ටර් පාර්ක්ව බේරගන්න බැරි වෙනවා. තව පැයකින් එයාව වෝඩ් එකට මාරු කරනවා. මිස්ටර් පාර්ක් පුලුවන් නම් මාත් එක්ක එනවද ? රිපෝට්ස් වගයක් පැහැදිලි කරගන්න තියනවා"

ජන්කුක් ලගට ආපු මිස්ටර් පාර්ක්ට එහෙම කියන ගමන් ඩොක්ටර් එතනින් ගියේ ජන්කුක්ගේ හිතට සැනසීමක් දීලා.

"මං දන්නවනේ ඔය මෝඩයාට කිසි දෙයක් වෙන්නේ නෑ. ජන්කුක් .. ඔයා දන්නවද ? මීට කලින් පාරකුත් ජීමින් රේස් එකකදි තුවාල වුණා. හැබැයි මේ තරම් නම් නෙවෙයි. සති දෙකක් ඇදක් උඩ හිටියා. ඒ නිසාම සති දෙකක් මට වුණා ඒ මෝඩයාව බලාගන්න."

මිස්ටර් පාර්ක් යනකන් ඉදලා ජන්කුක් ගාවට ආපු ටියා කියවන් ගියත් කෙල්ල දැනන් හිටියෙ නෑ මේ වෙද්දි කෙනෙක් එයාගේ කතාව නිසා ඉරිසියාවෙන් පිච්චෙන විදිහ.

"මේ පාර නම් මාසයක් වත් ඔය ගෙබි පැටියව බලාගන්න වෙයි. ඒක නම් මොකක්ද ? එක පාරක් මට අසනීප වුණාම ජීමින් මං ලගටම වෙලා දවස් ගානක් හිටියා."

ජන්කුක්ගෙන් කිසිම උත්තරයක් නැතුවත් කෙල්ල තව තවත් කියවනවා. ඒකෙන් වෙන්නේ ජන්කුක්ගේ හිතේ ඉරිසියාව කියන එක තව තවත් තැන්පත් වෙන එක. මාසයක් තිස්සේ ටියා ජීමින්ව බලාගන්න විදිහ ජන්කුක්ට මැවිලා පෙනුනා. ජීමින්ට බලෙන් සුප් එකක් පොවන්න හදන ටියාව, කට වටේ ගෑවුණ සුප් ටික ඇගිල්ලකින් පිහදන විදිහ, ඒ වෙලාවට ඒ දෙන්නගේ මූණු ඕනිවටත් වැඩිය ලං වෙලා තියන විදිහ, ජීමින්ගේ ෂර්ට් එකේ බොත්තම් ගලවලා ඒ ඇග පිරිසිදු කරන විදිහ, වෙන ෂර්ට් එකක් අන්දවන්න යද්දි ඒ සුදු පාට ඇගේ ටියාගේ චූටි ඇගිලි ගෑවෙන විදිහ ජන්කුක්ට මැවිලා පෙනුණා.

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now