Chapter 05

579 166 43
                                    

ජීමින් ජන්කුක් ඩ්‍රාමා එකේ දෙවෙනි මාසෙත් ගෙවිලා ගියේ මිස්ටර් පාර්ක්ගේ හොදම නළුවා ජීමින් වෙද්දි. ජීමින් තාමත් ජන්කුක්ව සවුත්තු කරන වැඩේ නම් නතර කරේ නෑ. ඒ නිසාම මිස්ටර් පාර්ක් ෂූටින් පැත්ත පලාතෙවත් ජීමින්ට යන්න නොදී ඉන්න වග බලාගත්තා.

ජීමින්ගේ පිස්සු වැඩ කෙනෙක්ට නම් මේ වෙද්දි හොදටම හිතට අල්ලලා ගිහින් තිබ්බේ. අවුරුදු විසි හතක කොල්ලෙක්ට මෙච්චර කියුට් වෙන්න පුලුවන්ද කියලා හිතෙන හැම වෙලේම තමන්ගේ හිතටම අගුළු දා ගන්න ඒ කෙනාට සිද්ධ වුණා.

"ජන්කුක් ෂී.. අද දවසෙ ෂෙඩූල් එක මේල් කරලා ඇත්තේ. ඒ ටික චෙක් කරලා වැඩ පටන් ගන්න කියලා මිස්ටර් පාර්ක් කිව්වා."

"ෆ්‍රී වෙන්න පුලුවන් කීයටද?

"චෙසොන්හමිදා සර්.. අද දවසට ෆ්‍රී ටයිම් එකක් නෑ. ඩිනර් එකත් ෂෙඩූල් කරලා තියෙන්නේ ජීමින් ෂී එක්ක."

ජීමින්ගේ නම ඇහුණත් අමුතුම හැගීමක් දැනෙන ජන්කුක් මැනේජර් ඉදිරියේ හිනා නොවී ඉන්න පරිස්සම් වුණේ දවස් හතරකට පස්සේ ආයෙත් ජීමින්ව දකින්න පුලුවන් එකට සතුටෙන්. ජීමින් අප්පට ඕනිවට කන්ට්‍රැක්ට් එක සයින් කරපු බව ජන්කුක් හොදටම දැනගෙන වුණත් ජන්කුක්ගේ හිතේ නම් තියෙන්නේ මාස හය ජීවිත කාලෙටම දික් කරගන්න. තමන් පොඩ්ඩක්වත් දකින්න අකමැති වුණ කෙනාවම මේ තරම් දකින්න වුවමනාවක් එන්නේ ඇයිද කියන්න ජන්කුක්ට තේරුණේ නෑ.  

ජන්කුක් හවස් වෙනකන් ඇගිලි ගනිද්දි ජීමින් නම් දවසම යාලුවොත් එක්ක ජිම් එකට වෙලා කාලෙ කා දැම්ම එකයි කලේ. ඒ අතරෙ මිස්ටර් පාක්ගෙන් ආපු කෝල් එක නිසා ඩ්‍රාමා එකට එන්ටර් වෙන්න හිත හදාගන්නත් ජීමින්ට පුලුවන් වුණා. හවස් වෙද්දි ජන්කුක්ව ගන්න කොල්ලගේ අපාර්ට්මන්ට් එකට ඇවිත් ජීමින් බලන් හිටියෙ ජන්කුක් පහලට එනකන්.

"කුක්කා.. මං මෙහේ .."

කාර් එකට හේත්තු වෙලා ෆෝන් එකේ ඇස් තිබ්බත් ජන්කුක් එනවා දැකපු නිසා ජීමින් කෑ ගැහුවා.

"යාහ් පාක් ජීමින්.. ඔය නම කියන්න එපා."

"හැව් හැව්.. ඉක්මණට නගිනවා. ඩිනර් එක ෆයිව් ස්ටාර් හොටෙල් එකක නිසා දවල්ට කෑවෙත් නෑ. බඩගිනි හොදටම."

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now